දරුවෙකු පාසලට ඇවිත් නැත්නම් දෙමව්පියන්ට SMS පණිවුඩයකින් දැනුම් දෙනවා.. ජනපති

පාසල් ළඟට රජයෙන් පත් කරන විශේෂ නියෝජිතයෙක්..

දරුවෙකු පාසලට පැමිණ නැත්නම් SMS පණිවුඩයකින් ඒ බව දෙමව්පියන් වෙත දැනුම් දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

විදෙස් රටවල දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය දැනට අනුරාධපුර පාසලක අත්හදා බලමින් පවතින බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මේ අනුව ඉදිරියේ දී මෙම ක්‍රමවේදය දිවයින පුරා පාසල්වලට ව්‍යාප්ත කරමින් ප්‍රාදේශීය මට්ටමින් ඒ සඳහා නිලධාරීන් පත් කරන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

දරුවෙකු පාසලට නොපැමිණෙන්නේ නම් එම නිලධාරීන් වහාම දෙමව්පියන් දැනුම්වත් කළ යුතු වන අතර එක දිගට දින 3ක් පාසලට පැමිණ නැත්නම් එම දරුවාට සිදු වුණේ කුමක්ද යන්න සොයා බැලිය යුතු බවයි ඔහු කියා සිටියේ.

සෑම දරුවෙකුම 13 වසර දක්වා අධ්‍යාපනය ලැබීම රජයේ වගකීම වන බවත් එක් දරුවෙක් හෝ අවුරුදු 13ක අධ්‍යාපනයෙන් තොරව පාසලෙන් එළියට වැටීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වත්මන් ආණ්ඩුව හඳුන්වා දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සිදු කෙරෙන පුළුල් කාර්යභාරය පිළිබඳව සිදු කර දේශනයක් අතරතුරදීය.

Latest News

error: Content is protected !!