කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් දෙමුහුන් ඉරිඟු ප්‍රභේදයක් අසාර්ථක වීමෙන් අක්කර ගණනාවක බඩ ඉරිඟු වගාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වෙනවා.
මෙම නව බඩ ඉරිඟු ප්‍රභේදය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අත්හදා බැලීමෙන් අනතුරුව ගොවීන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අත්හදා බැලීමෙන් පසු අම්පාර, මාන්තෝට්ටම, අලිකන්ද ප්‍රදේශයේ ගොවීන් වෙත මෙම බඩ ඉරිඟු ලබා දී තිබෙනවා.
එහෙත් අක්කර පහක වගා කළ බෝගයෙන් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ බව ගොවීන් පෙන්වා දෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පළමු වරට නව බීජ ප්‍රභේදය හඳුන්වාදුන් බවත්, වඩා හොඳ අස්වැන්නක් අපේක්ෂාවෙන් ඔවුන් එය වගා කළ බවත් ඔවුන් පවසන්වා.
වගා කළ බෝගවලින් අස්වැන්න නොලැබුණු අතර අස්වැන්න ලැබුණු ඒවායේ බීජ නිපදවා නොමැති බවයි ගොවීන් පවසන්නේ.
ගොවීන් පැවසුවේ බීජ නොමිලේ ලබා දුන්නද ඔවුන් පොහොර සහ පළිබෝධනාශක සඳහා මුදල් වියදම් කර වගාව රැකගත් බවයි.
මෙම වගාව අක්කර 300ක් පමණ දක්වා විහිද ඇති බවද පැවසෙනවා.
මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙසත් මෙහි වගකීම භාර ගන්නා ලෙසත් ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබෙනවා.
