ඉන්දීය රජයේ 2026 අයවැයෙන් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ඉන්දීය රුපියල් බිලියන 4ක් වෙන් කර ඇතැයි වාර්තා වෙනවා.
ඉරිදා (පෙබරවාරි 1) වාර්ෂික අයවැය ඉදිරිපත් කරමින්, ගෝලීය අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ උත්සාහයන්හි කොටසක් ලෙස නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීම කෙරෙහි නව අවධානයක් යොමු කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පෙන්වා දී තිබෙනවා.
ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය මඟින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ඔරොත්තු දෙන මූල්‍ය අංශයක් ගොඩනැගීම සහ කෘතිම බුද්ධිය ඇතුළු දියුණු තාක්ෂණයන්හි ආයෝජන වැඩි කිරීම කෙරෙහි අවධාරණය යොමු කරන බවයි එහිදී ඇය සඳහන් කළේ.
නිෂ්පාදන අංශයේ ආර්ථිකයට දක්වන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 20 ට අඩු වත්මන් මට්ටමේ සිට ඉලක්කගත සියයට 25 දක්වා පුළුල් කිරීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනයේ අඛණ්ඩ උත්සහාය වී තිබෙනවා.
එය සෑම වසරකම ශ්‍රම බලකායට ඇතුළු වන මිලියන සංඛ්‍යාත ජනතාව සඳහා රැකියා නිර්මාණය සඳහා තීරණාත්මක පියවරක් ලෙස සැලකෙනවා.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සහ දරණ මධ්‍යයේ දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම නිසා අසීරු ආර්ථික ඉලක්ක වෙනුවන් අරගලයක නිරත අසල්වැසි ශ්‍රී ලංකාව සඳහාද සිය අයවැයෙන් මුදලක් වෙන් කිරීමට ද ඉන්දියාව පියවර ගෙන ඇත්තේ මෙම සියලු උත්සාහයන් අතරතුර බවයි වාර්තා වන්නේ.
