ධනූෂ් සමඟ විවාහයේ කටකතා මැද ආදරයෙන් මත් වූ මෘනාල්

මෘනාල් තාකූර් සහ ධනුෂ් පෙබරවාරි 14 වන දින විවාහ වීමට නියමිත බව හින්දුස්ථාන් ටයිම්ස් හා ෆිල්ම් ෆෙයාර් වැනි ප්‍රධාන මාධ්‍ය පවා වාර්තා කළ පුවතකි.

ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් පවතින බවට කටකතා පළ වීම ආරම්භ වුණේ 2025 මුල් භාගයේ සිටය.

මේ කතාවලට මුල, මෘනාල්ගේ Son of Sardaar 2 චිත්‍රපටයේ තිරගත කිරීමකට ධනූෂ් සහභාගී වීමයි.

ඔහු එයට සහභාගී වුණේ ඇය වෙනුවෙන් බවට බොහෝ අය හිතන්න පටන් ගත්තා.

ඒත් මෘනාල් ඔහු සමීපතම මිත්‍රයකු පමණක් බව පැවසීම නිසා මේ කටකතා ටිකක් විතර නිවිලා ගිහින් තිබුණේ. ඔය අතරතුරේදීම තමයි දෙන්නා මේ වසරේ පෙබරවාරි 14 වැලවැලන්ටයින් දිනයේදී විවාහ වෙන්න යනවා කියල ආයෙමත් පත්තු වෙන්නේ.

කවුරු පත්තු වුණත් මෘනාල් හෝ ධනුෂ් නම් ඒ කතාවලින් ෆයර්වුණේ නැහැ. මෘනාල්ට සමීප මූලාශ්‍රයක් හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතට පෙබරවාරි 14 විවාහය බොරුවක් කියල මේ වන විට තහවුරු කරලා තියෙනවා.

කෙසේ වෙතත් එම කිසිදු කෙනෙක් ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් පවතීද නැද්ද යන බව නම් ප්‍රතික්ෂේප කර නැහැ.

මෙය සුළඟට හසු වූ කටකතාවක්. ඇගේ චිත්‍රපටයක් පෙබරවාරි මාසයේදී නිකුත් කිරීමට නියමිතයි. චිත්‍රපටයක් නිකුත් කිරීමට ආසන්නව සිටියදී ඇය විවාහ වන්නේ ඇයි? ඉන්පසු මාර්තු මාසයේදී තෙළිඟු භාෂාවෙන් ඇගේ තවත් චිත්‍රපටයක් නිකුත් කිරීමට තිබෙනවා. ඉතින් මෘනාල් කොහොමටවත් මේ මාසේ විවාහ වෙන්නෙ නෑ කියලයි ඒ හිතවතා කියල තියෙන්නේ.

ඒ අස්සෙ මෘනාල් ආදරය ගැන කරපු බැරෑරුම් ප්‍රකාශ කිහිපයකුත් මේ දවස්වල මාධ්‍යවලින් අල්ලගෙන තියෙනවා.

මෘනාල් ධනුෂ් ආදරය ඇත්තක් වුණත් බොරු වුණත් ඇය ආදරය ගැන කියල තියෙන මේ කතාව නම් මරු..

“මම හිතන්නේ ආදරය කියන්නේ ලස්සන හැඟීමක්, මේ පෘථිවියේ ඉන්න හැම කෙනෙකුටම ඒක ඇති වෙන්න ඕනේ. ඒක ඔයාව හොඳ කෙනෙක් බවට පත් කරනවා. ඒක ඇත්තටම ඔයාගේ අභ්‍යන්තර දරුවා නැවත සොයාගන්නවා වගේ දෙයක්. ඒක ලෝකේ තියෙන ලස්සනම දේවල් වලින් එකක්. මම ඇත්තටම යාඥා කරනවා, හැමෝටම තමන්ගේ ජීවිතේ ආදරය ලැබෙන්න කියලා”

ගැහැණුද පිරිමිද කියල අදාළ නැහැ ආදරය ඇති වුණාට පස්සෙ ඕනම කෙනෙක් ඒකට යටත් වෙන බවත් ඇය කියල තියෙනවා.

Latest News

error: Content is protected !!