ලොව දෙවැනියට වැඩිම බෞද්ධ ජනගහණයක් වාසය කරන නිර්මල ථෙරවාද බුදු දහමේ තෝතැන්නක් ලෙස සැලකෙන තායිලන්‍තයේ විහාරස්ථාන ඇතුළත සැඟවුණු කලු රහස් බොහොමයකි.
මෑතකාලීනව ඒවා විටින් විට අනාවරණය වීමට පටන් ගත් අතර ඉකුත් දා පොලිසිය විසින් තායි පන්සලක් වැටලීමෙන් පසු ද එවැනි රහස් ගණනාවක් අනාවරණය වුණා.
භික්ෂූන් වහන්සේලා අවි ආයුධ භාවිත කරන බව එහිදී හෙළිවූ ප්‍රධාන කරුණකි. පන්සලෙ පිස්තෝල හමුවූ බවත් අසභ්‍ය භාණ්ඩ, ලිංගික සෙල්ලම් බඩු, ශිෂ්ණ ආධාරක උපකරණ, ලිංගික ශ්‍රමය සපයන කාන්තාවන්ගේ සම්බන්ධතා ලයිස්තු ආදිය ද හමුවූ බවත් වාර්තා වෙනවා.
බෞද්ධ භික්ෂූන් සිව්දෙනෙකු සන්තකයේ තිබී මෙම භාණ්ඩ හමු වූ අතර ඔවුන් පසුව අත් අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.
භික්ෂූන් වහන්සේලා සතුව ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ඇති බවට ගම්වැසියන්ගෙන් පැමිණිලි ලැබීමෙන් පසු ජනවාරි 27 වන දින චොන්බුරි පළාතේ ෆ්‍රොම් සුන්තන් ආරාමය පරීක්ෂා කළ පොලිසියට පරීක්ෂා කිරීමේදී, පවුම් 2,070 (බාත් 89,000) ක මුදලක්, අසභ්‍ය තැටි සහිත DVD යන්ත්‍රයක් ද හමුවී ඇතැයි පැවසෙනවා.
අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා හතර දෙනා අතර මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ තිදෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යැවූ බව සඳහන් වෙනවා.
තායිලන්තයේ ප්‍රධාන ආගම බුද්ධාගමයි. භික්ෂූන් වහන්සේලා ලිංගික අපචාර ඇතුළු විෂමාචාරවල පැටලී සිටීම මේ වන ව්ට තායිලන්ත බුදු දහම මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලින් එකකි. පසුගිය වසරේ ජූලි මාසයේදී මෙවැනි ප්‍රධාන පෙළේ විෂමාචාර ගණනාවක් තායි විහාරස්ථානවලින් වර්තා වුණා. ඒ කාන්තාවක් විසින් ජනප්‍රිය විහාරස්ථානවල ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා බ්ලැක් මේල් කරමින් ඡයාරූප හා වීඩියෝ මුදාහරින බවට කළ තර්ජනයක් සමඟයි. ඉහළ පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක්ම එම කාන්තාවට ඒවා හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා පන්සල් අරමුදල් ලබා දුන් බව එහිදී අනාවරණය වුණා. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු සම්බන්ධ ඡයාරූප සහ වීඩියෝ 80,000 ක් පමණ ඇගේ නිවසේ තිබී සොයා ගත් බවයි වාර්තා වුණේ.
