ඉදිරි වසර පහ ඇතුළෙ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය අපි හදලා දෙන්නම්..

එන්න අපි පොලිටික්ස්වල නිව් වයිබ් එකට සෙට්වෙමු..

නූතන Gen-Z පරම්පරාව ජීවත් වන මවන ලද යථාර්ථය හෙවත් (Vertual Reality) ලෝකයට එක්සත් ජාතික පක්ෂය ගමන් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂය ‘Smart’ තාක්ෂණය සමඟ මුසු කරන වැඩසටහනට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.

1948 වසරේ සිට මේ දක්වා පරම්පරාවෙන් පරම්පරාවට ගැළපෙන ආකාරයට තාක්ෂණය මුසු කළ දේශපාලන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි ඔහු සඳහන් කළේ.

වර්තමාන පරම්පරාවට ගැළපෙන දේශපාලන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීම මේ සමඟ ආරම්භ වන බව ඔහු අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම රටේ පුරවැසියන්ට ඉදිරි වසර පහ තුළ ආර්ථික වශයෙන් ශක්තිමත් ජීවන තත්ත්වයක් නිර්මාණය කර දීමට ද එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනු අති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

“අපේ පක්ෂයේ නායක ඩී.එස් සේනානායක නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කරලා 78වැනි සංවත්සරය සමරන අවස්ථව. මොකක්ද එතුමන්ගෙන් ගත්ත ප්‍රයෝජනය. එතුමගේ ඉඳලා අද වෙනකල් වසර 78ක් යනකල් මේ රට හදන්න උත්සාහ කළ නායකයෝ හැම දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කළේ මධ්‍ය මහා විද්‍යාල 50යි. අද තියෙනවා 1400කට වඩා මධ්‍යමහා විද්‍යාල. එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19යි රජයේ නොවන විශ්වවිද්‍යාල 27යි. අද රෝහල් 550ට වඩා තියෙනවා. අපි හාල්වලින් ස්වයංපෝෂිතයි. විදුලිබලය හැම තැනම තියෙනවා. වාහන තියෙනවා. අපි අලුත් යුගයක ඉන්නේ. ඒ වගේම අපි දැන් අනාගතය ගැන හිතන්න ඕන. මොකක්ද අනාගතය ඒ සඳහා අපට කරන්න තියෙන පළවෙනි කාරණය. අපේ නිදහස හා බහු පක්ෂ ප්‍රජාතන්තවාදය ආරක්ෂා කරන්න ඕන.

ඒකෙන් තමයි මේ රට දියුණු වුණේ. ඒ නිසා ඒ සඳහා හැම බලවේගයකටම එකතු වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ රටේ ආර්ථිකය 2022 කඩාගෙන වැටුණා. මම භාර අරගත්තා, ස්ථාවර භාවයක් ඇති කළා. ජනතාව එදත් ජීවත් වුණේ අමාරුවෙන්. ඊළඟ අවුරුදු පහ තුළදී අපේ වැඩසටහන තියෙන්නේ තවත් සහන ලබා දෙන්න. ජීවත් වෙන්න අදාළ ආදායමක් අතේ තියන්න. එක රැයකින් ඩොලරයේ 185 වටිනාකම 330ට ගියාම මොකද කරන්නේ. ඒක 360ට ගියාම වුණාම මොකද කරන්නේ?

දීර්ඝ වශයෙන් බලනවානම් 2048.. සමහරු අහනවා ඇයි ඔච්චර දුර යන්නේ කියලා. අලුත් ඡන්ද දායකයෝ යුද්ධෙන් පස්සේ ඉපදුණු අය. අපි ඒකට ලෑස්ති වෙන්න ඕන. ඒකයි UNP සාර්ථකතවය. ඩී.එස් සේනානායක මහතා ඇති කළේ අපේ පරම්පරාව. ඉංග්‍රීසියෙන් කියෙන්නේ බේබි බ්ලූමර් කියලා. යුද්ධෙන් පස්සේ විශාල ජනගහණයක් වැඩි වුණා. ජේ. ආර් ජයවර්ධන මැතිතුමා මේක හැදුවේ මිලේනියල්ස්ලට. දැන් මිලේනියල්ස්ලා නෙවෙයි දැන් තියෙන්නේ Gen-Z සමාජය. ඩිජිටල් සමාජයක්. තාක්ෂණය එක්ක ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තමයි මේක ගෙනිච්චේ. 48 ගෙනිච්චේ. 78 ගෙනිච්චේ. අපිට තමයි ආපහු ගෙනියන්න තියෙන්නේ. පක්ෂය මේ ඒකට ලෑස්ති වෙන්නේ.

අද අපි ඉන්න ජේ.ආර් යුගේ නෙවෙයි අද අපි ඉන්නේ ට්‍රම්ප්ගේ ලෝකේ. කැමති වුණත් නැති වුණත්. ට්‍රම්ප් එක්ක තරග කරන චීනය ඉන්නේ ලොකේ. ලෝක බලවතෙක් විදියට අපේ අසල්වැසි ඉන්දියාව නැගී එන ලෝකේ. මේ යථාර්ථය පිළිගන්න. අපි ඒ යුගයට යන්න ඕන. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕනේ. එදා ඒක අපි ඇති කළේ ගොවිතැන දියුණු කරලා. ඊළගට ඇති කළේ කර්මාන්ත දියුණු කරලා. අද යන්නේ එතැනට නෙවෙයි අද අපි යන්නේ වර්චුවල් රියැලිටි ලෝකයට.”

එම ලෝකයට නොයා සිදුකරන දියුණු කිරීම් එකකින්වත් ඵලක් නොවන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

Latest News

error: Content is protected !!