78 වැනි ජාතික නිදහස් දින උළෙලේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළමුවරට ’75 වසරක සාපයක්’ නොමැති බව පිළිගත්තේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
ජාතික නිදහස් දින කතාව අතරතුර ජනාධිපතිවරයා විසින් “75 වසරක් තිස්සේ රටේ හොඳ දේවලුත්, අයහපත් දේවලුත් සිදුවුණා” යනුවෙන් පවසමින් අවුරුදු 75ක සාපය කියන මතය ඔහු විසින්ම ප්‍රතික්ෂේප කළ බවයි හර්ෂ ද සිල්වා පවසන්නේ.
තමා ඇතුළු දේශපාලන බලවේගය දිගින් දිගටම පැවසුවේ එම කාරණාව වන බවත් 75 වසර තුළ හොඳ සහ නරක දෙකම පැවති බව ද ඔහු පවසා තිබෙනවා.
ඒ අනුව ඉතිහාසයේ සිදුවූ හොඳ දේවල් ඉදිරියට ගෙන යා යුතුයි” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී පැවසුවා.
78 වසරක නිදහස් ඉතිහාසය තුළ ලබාගත් ශක්තිමත් සහ සාධාරණ දේ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව පවසන හර්ෂ ද සිල්වා මහතා සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එකට එක්වී ශක්තිමත් රටක් ලෙස ඉදිරියට යාම තම ප්‍රාර්ථනාව බව ද වැඩිදුරටත් සඳහන් කළා.
