ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් වෙත පොලිසිය ආචාර දක්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පසුපසින් සිටගෙන සිටින අතර පොලිස් නිලධාරියකු විසින් ඔහුට සැලියුට් කරන ආකාරය එහි සටහන් වී තිබෙනවා.
බැලූ බැල්මට නම් එය 78 වැනි නිදහස් දිනය වෙනුවෙන් පැවති උත්සවයක අවස්ථාවක් ලෙස පෙනේ.
මැති ඇමතිවරුන්ට පවතින සියලු වරප්‍රසාද අහෝසි කරන බවත් ඔවුන්ද සාමාන්‍ය පුරවැසියන් පමණක් වන බවත් පැවසූ ආණ්ඩුවක මැති ඇමතිවරුන්ට මෙතරම් බලයක් හිමි වුණේ කෙසේද යන්න වෙනම කතාවකි.
අපට තියෙන ප්‍රශ්නය ජාතික නිදහස් උත්සවය ප්‍රාදේශීය මට්ටමින් මේ ආකාරයෙන් පවත්වනු ලබන උත්සවයක් ද යන්නයි.
ජාතික නිදහස් උත්සවයේ පවා ආචාර උත්තමාචාර පවත්වනු ලබන්නේ සේනාධි නායක ලෙස ජනාධිපතිවරයාට පමණි.
ටී.බී සරත් වෙනුවන් මෙවැනි ආචාර සමාචාර පැවැත්වීමේ අවශ්‍යතාවය කුමක්ද?
ඔහු වරක් පැවසුවේ පොළොන්නරුවේ රාජ්‍ය පාලකයා තමන් බවයි.
එසේ නම් මෙය පොළොන්නරුව රාජ්‍යයේ ජාතික නිදහස් උළෙලේ කොටසක් විය යුතුය.
දන්නා කෙනෙක් මෙහි අරුත අපටත් පහදා දෙන්නේ නම් මැනවි..
