ඊශ්‍රායලය ලෙබනනයට හඳුනා නොගත් රසායනික ද්‍රව්‍යයක් ඉසියි

ලෙබනනයේ බේරූට් නගරයට නොදන්නා රසායනික ද්‍රව්‍යයක් ඉසින ලද බවට ලෙබනන රජය ඊශ්‍රායලයට චෝදනා එල්ල කර තිබෙනවා.

දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෙක් පවසා ඇත්තේ සඳුදා ඊශ්‍රායල හමුදාව විසින් “විෂ නොවන රසායනික ද්‍රව්‍යයක්” ඉසින බව දැනුම් දුන් බවයි.

රසායනික ද්‍රව්‍යයේ නිශ්චිත ස්වභාවය තවමත් අනාවරණය වී නැතැයි ලෙබනන් හි ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ලෙබනන් ජනාධිපති ජෝසෆ් අවුන් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට චෝදනා කරමින් මෙම ක්‍රියාව “පාරිසරික හා සෞඛ්‍ය අපරාධයක්” ලෙසයි හඳුන්වා ඇත්තේ.

මෙම ආක්‍රමණය හා ලෙබනනයේ ස්වෛරීභාවය අමු අමුවේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට සියලු රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය පියවර ගන්නා බව ඔහු පවසා තිබෙනවා.

කෘෂිකාර්මික ඉඩම් සහ පුරවැසියන්ගේ ජීවනෝපායන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍යයට හා පරිසරයට තර්ජනයක් වන මෙම භයානක ක්‍රියාවන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ එක්සත් ජාතීන්ගේ සංවිධාන වහාම මැදිහත් විය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් බ්‍රහස්පතින්දා පැවසුවේ ප්‍රහාරය හේතුවෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු හමුදාව |(UNIFL) පැය නවයකට එහි මෙහෙයුම අත්හිටුවා ඇති බවත් පසුව ඉසින ලද ද්‍රව්‍යයේ සාම්පල ලබා ගැනීම සඳහා ලෙබනන් හමුදාව සමඟ කටයුතු කිරීමට තීරණය කළ බවත්ය.

ඊශ්‍රායලය ලෙබනන් භූමිය තුළ ස්ථාන පහක් අල්ලාගෙන සිටින අතර දේශසීමාවේ ගම්මාන ප්‍රතිසංස්කරණය කිරීම අවහිර තිබෙනවා. ලෙබනන් ජනතාව ඔවුන්ගේ ගම්මාන වෙත නැවත පැමිණීම වළක්වමින් සිටින බව ද වාර්තා වෙනවා. ඊශ්‍රායල ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ලෙබනන් රජය රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කරමින් සිටියද එය සාර්ථක නොවූ බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!