2029 නාමල්ගේ ජයග්‍රහණය වළක්වන්න බැහැ

දක්ෂිණාංශික දේශපාලන පක්ෂ නිසි ලෙස කටයුතු නොකළහොත් 2029 ජනාධිපතිවරණය නාමල් රාජපක්ෂ විසින් ජයග්‍රහණය කිරීම වැළක්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු පවසා තිබෙනවා.

නාමල් රාජපක්ෂ මේ වන විට ගොඩනැඟෙමින් සිටින ආකාරය හා දේශපාලනමය වශයෙන් පරිණත වෙමින් සිටින ආකාරය අනුව යම්කිසි මොහොතක ඔහු රටේ නායකත්වයට පත් වීමේ වැඩි ඉඩක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2029 වසරේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්ෂගේ ඉලක්කය නොවුණද දකුණේ අනෙකුත් දේශපාලන පක්ෂවලට නිසි පරිදි තීරණ ගැනීම් හා පක්ෂ ගොඩ නඟා ගැනීමට නොහැකි වුවොත් එය 2029 වසරේදීම නාමල්‍ගේ ඔඩොක්කුවටම වැටීමේ ඉඩක් පවතින බව හරීන් ප්‍රනාන්දු කියා සිටියා.

රාජපක්ෂලා යනු දේශපාලන ඔස්තාර්ලා වන අතර පිටියේ දේශපාලන හැසිරීම හා ජයග්‍රහණය සඳහා හොඳින් පුහුණු කරන ලද ඉවක් ඔවුන් සතු බවද ඔහු සඳහන් කරනවා.

නාමල්ට ඒ සඳහා වන දේශපාලන උණක් ද පවතින බවයි ඔහු පවසන්නේ.

හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ දේශපාලන සංවාදමය වැඩසටහනකට සහභාගී වෙමිනි.

තමන් ඌව පළාතේ මහ ඇමති අපේක්ෂකත්වයට තරග කර විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පෞද්ගලික දුරකථන ඇමතුමක් ලැබුණු බව ද හරීන් මෙහිදී පැවසුවා.

එහිදී ඔහු තමාට ‘නාමල්ට ඔයා තමයි ගැළපෙන්නේ, ඇවිත් නාමල් එක්ක වැඩ කරන්න’යැයි ඉල්ලා සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

error: Content is protected !!