ජිහාඩ්වාදී තුවක්කුරුවන් පිරිසක් එල්ල කළ වෙඩි තැබීම්වලින් නයිජීරියාවේ පුද්ගලයින් 170 කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා.
ඉකුත් අඟහරුවාදා (03) නයිජීරියාවේ වෝරෝ ගම්මානයේ වැසියන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය සිදු වුණා. ජිහාඩ්වාදී නිකායික ප්‍රචණ්ඩකාරීත්වයෙන් පීඩා විඳින නයිජීරියාවේ පුරවැසියන් ඉලක්ක කර මේ වසරේ එල්ල වුණු මාරාන්තිකම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.
රොයිටර් පුවත් සේවය පවසන්නේ ජිහාඩ්වාදී ප්‍රහාරකයින් ගම්වැසියන්ට ෂරියා නීතිය පිළිගන්නා ලෙස බලපෑම් කර ඇති බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ගම්වාසීන්ගේ දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ බවයි වාර්තා වන්නේ.
දිවි ගලවා ගෙන පලාගිය අය කැලෑ පීරමින් තවදුරටත් සොයමින් සිටින බව වාර්තා පවසනවා.
වෝරෝ පිහිටා ඇත්තේ ක්වාරා හි මධ්‍යම කලාපයේ ය. ගම්මානවලට කඩා වැදීම, පදිංචිකරුවන් පැහැර ගැනීම සහ පශු සම්පත් කොල්ලකෑම සිදු කරන ජිහාඩ්වාදී වෙඩික්කරුවන් විසින් වැඩි වැඩියෙන් ඉලක්ක කරන ප්‍රදේශයකි.
පසුගිය මාසයේ පමණක් නයිජීරියාවේ කොල්ලකරුවන් විසින් පල්ලි යන කිතුණු නයිජීරියානු වැසියන් 150ක් පමණ පැහැර ගෙන ගොස් ඇති බව ද සඳහන්ය.
