ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ පවත්වනු ලබන සායන 41 කින් HIV ඒඩ්ස් රෝගීන් 4,771 ක් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) අනාවරණය කරනු ලැබුවා.
එමෙන්ම සිෆිලිස් රෝගීන් 1,469 ක්, ගොනෝරියා රෝගීන් 1,035 ක් සහ හර්පීස් රෝගීන් 2,891 ක් සායනික ප්‍රතිකාර ලබන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒඩ්ස් රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ හිඟයක් නොමැති බවයි.
