ජාතික නිදහස් දිනයේ ජනාධිපතිවරයාගේ ඡායාරූප කැත කළ ඡායාරූප ශිල්පියාට එරෙහිව විමර්ශනයක්..

ජාතික නිදහස් සැමරුම් දිනය යෙදුණු ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ඡායාරූප සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල කතා බහක් මතුවෙද්දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එම ඡායාරූප ලබා ගැනීම් සිදු කළ නිල ඡායාරූප ශිල්පියාට එරෙහිව විමර්ශනයක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති ඡායාරූපවලින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි සිදුවී ඇති බවයි පැවසුණේ.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අද (05) පෙරවරුවේ අදාල අදාළ ඡායාරූප ශිල්පියා කැඳවා නිදහසට කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!