එප්ස්ටීන් සමඟ දලයි ලාමාතුමත් සම්බන්ධතා පවත්වලා..

ඊමේල් පණිවිඩවල 169 වතාවක් නම සඳහන් වේ..

ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට සම්බන්ධව කලින් ප්‍රසිද්ධ නොකළ නවතම වාර්තාවල ඔහු සමඟ ටිබෙට් අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ අනාවරණය වීම මේ වන විට විවාද සම්පන්න මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.

එම ඊමේල්වල දලයි ලාමාතුමන්ගේ නාමය අවම වශයෙන් 169 වරක් සඳහන් වී ඇති බවයි වාර්තා වන්නේ. එප්ස්ටීන් සම්බන්ධ නව ලේඛන හෙළිදරව්ව සමඟ එහි සඳහන් බලවත් පුද්ගලයින් පිළිබඳ විශේෂ අවධානයක් මතු වී ඇති අතර දලයි ලාමාතුමන්ගේ නම සඳහන් වීම ද පුළුල් අවධානයකට ලක්ව තිබෙනවා.

වාර්තා අනුව, 2012 ඔක්තෝබර් මාසයට අයත් බව සඳහන් ඊමේල් කිහිපයක, ටිබෙට් ආධ්‍යාත්මික නායකයා එප්ස්ටීන් හමුවූ බවත් ඔහු සමඟ පැවැත්වීමට නියමිත උත්සවයකට සහභාගී වීමට අපේක්ෂා කළ බවත් සඳහන්ය.

යුරෝපීය මාධ්‍ය ආයතනයක් වන නෙක්ස්ටා ටීවී තවදුරටත් පවසන්නේ දලයි ලාමාගේ අනුගාමිකයන් ලෙස විස්තර කරන පුද්ගලයින් ද එප්ස්ටයින් හමුවී ඇති බවයි.

පසුගිය වසරේ මයිකල් වුල්ෆ් නම් මාධ්‍යවේදියෙකු ‘Daily Beast’ පොඩ්කාස්ට් හි කැපී පෙනෙන ප්‍රකාශයක් කරමින් එප්ස්ටීන් මෑන්හැටන් නගරයේ ඔහුගේ නිවසේදී ඉහළ පෙළේ බලවතුන් හමුවූ බවට අනාවරණය කරනු ලැබුවා. එම නම් ලැයිස්තුවේ ටිබෙට් අධ්‍යාත්මික නායකයා ද සිටින බවයි ඔහු පැවසුවේ. එම හමුවීම බොහෝවිට මූල්‍යමය ආධාර සම්බන්ධ කාරණයක් විය හැකි බව වුල්ෆ් එහිදී යෝජනා කර තිබුණා.

දලයි ලාමාතුමන් වෙත පසුගිය කාලයේ ද විවාදයට ලක්වූ පුද්ගලයන්ගෙන් ආරාධනා ලබාගෙන ඇති බවට වරින් වර චෝදනා එල්ල වුණා. 2009 වසරේදී අපරාධ චෝදනා හතකට වරදකරු කර, වසර 120ක සිර දඬුවමකට ලක් කළ, කීත් රැනියරේ විසින් නායකත්වය දරන අපයෝජන චෝදනා එල්ල වූ NXIVM සංවිධානයට අදාළ උත්සවයක ද ටිබෙට් ආධ්‍යාත්මික නායකයා දේශනයක් පැවැත්වූ බවට එල්ල වූ චෝදනාව ඉන් එකක් පමණි.

Latest News

error: Content is protected !!