හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
ඇය ඊයේ (05) මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ දැනට රඳවාගෙන සිටින පාතාල කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ දැනුම් දීමකට අනුව හිරුණික ප්‍රේමචන්ද්‍ර ඊයේ පෙරවරු 9.30 පමණ පෙනී සිට ඇති අතර පිටව ගොස් ඇත්තේ පස්වරු 12.30ට පමණය.
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් කරගෙන යන විමර්ශනයන්ට අදාළව හිටපු මැති ඇමතිවරුන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
