බයිබලයේ ජේසුස් වහන්සේගේ නමටත් වඩා, එෆ්ස්ටීන් ෆයිල්වල ට්‍රම්ප්ගේ නම ලියැවිලා

ජෙෆ්රි එෆ්ස්ටීන් විමර්ශනයට අදාළව අලුතින් නිකුත් කරන ලද අධිකරණ දෙපාර්තමේන්තු ලිපිගොනුවල ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ 38,000 වතාවකට වඩා සඳහන් කර ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසනවා.

5300 කට වැඩි යොමු ලිපිගොනු අතර ට්‍රම්ප්, ඔහුගේ බිරිඳ මෙලනියා සහ ෆ්ලොරිඩාවේ ඔවුන්ගේ නිවස වන මාර්-ඒ-ලාගෝ සම්බන්ධ ලේඛන ඇතුළත් බව එහි දැක්වෙනවා.

එම ගොනු අතර FBI වෙත දන්වා ඇති තොරතුරු සහ වෙනත් පුද්ගලයින් හෝ පාර්ශ්වයන් විසින් හෙළි කරනු ලැබු තොරතුරු ද ඇතුළත්ය.

අධිකරණ දෙපාර්තමේන්තුව ලිපිගොනු සමාලෝචනය කළ බවත් තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය විශ්වාසදායක සාක්ෂි නොමැති බවත් නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් පවසා ඇති බව ද වාර්තා වෙනවා.

එෆ්ස්ටීන් නඩුවේ පිටු මිලියන ගණනක් ඇතුළත් හෙළිදරව් කිරීමේ කොටසක් ලෙස පසුගිය සිකුරාදා මෙම වාර්තා නිකුත් කරනු ලැබුවා.

විචාරකයින් පෙන්වා දෙන්නේ එෆ්ස්ටීන් ලිපිගොනුවල ට්‍රම්ප්ගේ නාමය සටහන් වී ඇති ප්‍රමාණය බයිබලයේ ජේසුස් වහන්සේගේ නම සඳහන් වාරයට වඩා දහස් ගුණයකින් වැඩි බවයි. සාමාන්‍යයෙන් බයිබලයේ ජේසුස් වහන්සේගේ නාමය සටහන් වන වාර ගණන 900-1000ත් අතර විහිදී යන්නකි. මෙය ඒ ඒ පරිවර්තන අනුව සුළු වශයෙන් වෙනස් වන්නකි.

Latest News

error: Content is protected !!