T20 ලෝක කුසලාන තරගාවලියේ පකිස්තාන කණ්ඩායම දිරි ගැන්වීම සඳහා මුස්ලිම් ජනතාවත් ඉන්දීය කණ්‍ඩායම දිරි ගැන්වීම සඳහා දෙමළ ජනතාවත් විශාල වශයෙන් ඒකරාශී වෙමින් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අධෛර්යමත් කිරීම සඳහා දැවැන්‍ත සමාජ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පාකිස්තානය හා නෙදර්ලන්තය අතර මංගල තරගයේ දී පාකිස්තානය දිරිමත් කිරීම වෙනුවෙන් මුස්ලිම් ජාතිකයන් විශාල වශයෙන් සහභාගී වූ ආකාරය දැකගත හැකි වුණා.
පකිස්තාන කණ්ඩායමට සහයෝගය දක්වමින් පකිස්තාන ටී ෂර්ට්, කැප්, කොඩි අතැති මුස්ලිම් ජනතාවගෙන් එස්.එස්.සී පිටිය පිරී ඉතිරී ගොස් තිබෙනවා.
මේ අතර ශ්‍රී ලාංකික කණ්ඩායම අධෛර්යමත් කිරීම සඳහා පකිස්තාන හා ඉන්දීය ව්‍යාපාරිකයන් මුදල් වීසිකරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම මුදල්වල බලය මේවන විට සමාජ මාධ්‍ය පුරා දැකගත හැකි අතර ලෝක කුසලානයේ එක් තරගයකට හෝ සහභාගි වීමට පෙර සිටම ශ්‍රී ලංකා කණ්ඩායම අධෛර්යමත් කරන පෝස්ට් සහ කමෙන්ට් සමාජ මාධ්‍යවල වපුරා ඇති ආකාරය දැකගත හැකියි.
