විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පකිස්තාන කණ්ඩායම සමත් වුණා.
නෙදර්ලන්තය ලබා දුන් ලකුණු 148ක ඉලක්කය හඹා යමින් කඩුළු හතක් තුළ පන්දු 3ක් ඉතිරිව තිබියදී පකිස්තානය මෙම ජයග්‍රහණය සනිටුහන් කරනු ලැබුවා.
එහිදී අංක 8 පිතිකරුවා වූ ෆහීම් අෂ්රෆ් පන්දු 11කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 29ක් රැස් කිරීමට සමත් වුණා.
ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.
ෆහීම් මෙහිදී ෂහීන් අෆ්රිඩි සමග 8වන කඩුල්ලට පන්දු 20කදී ලකුණු 34ක සබඳතාවක්ද පවත්වා ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් වුණා.
