අනුර අගමැති… ටිල්වින් නාමික ජනාධිපති…

ජවිපෙ අධ්‍යාත්මික නායකයා කළි එළි බසින රහස හෙළි වේ..

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් නොහොත් අධ්‍යාත්මික නායකයා වන ටිල්වින් සිල්වා ඉන්දීය සංචාරයක නිරත වී සිටී.

ඔහු එහිදී ඉන්දීය රජයේ ප්‍රබල චරිත රැසක් මුණ ගැහුණු බවයි වාර්තා වුණේ. ඉන්දීය විදෙස් අමාත්‍ය එස් ජයශංකර් මුණගැහීමටත් ඔහුට අවස්ථාව හිමි වී තිබුණා.

විවෘත දේශපාලනය ඇතුළෙ එළිපිට දකින්න නොලැබෙන ජවිපෙ මහ ලේකම් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බිමන්වල වගේම උත්සවවල, රාජ්‍ය නායකයින් ගැවසෙන තැන්වල නිතර දකින්නට ලැබීම පිළිබඳ විවිධ කතා මතුවන්නේ ඒ අතරයි.

ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත පාලනය හසුරුවමින් අප්‍රකට රහසිගත දේශපාලනයක නිරත වෙලා ඉන්න ඔහු හදිසියේම මේ විදියට කරළියට ආවේ ඇයි?

දේශපාලන කවවල නම් කියන්නේ එය ඉදිරියේදී සිද්ධ වෙන්න යන ලොකු පෙරළියක පෙරනිමිත්තක් බවයි.

මේ කතාවලට අනුව ඔහු රටේ ප්‍රධානම පුටුවකට ඒමට නියමිතය.

ජාතික ජන බලවේගය බලය ලබා ගනිද්දී දීපු ලොකුම පොරොන්දුව වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කර පූර්ණ විධායක බලතල අගමැතිධුරය යටතට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර එම නව ආණ්ඩුක්‍රමයේ අගමැති ලෙස අනුර පත් කරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්පසු නාමික විධායක ධුරයට ටිල්වින් පත්වනු ඇති බවද එම වාර්තා පවසනවා.

ටිල්වින් කළ එලි බසිමින් සිටින්නේ ඒ අනුව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!