2026 ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය ලෙස ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තරඟය පෙබරවාරි 7 දින මුම්බායි හි වන්කේඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර නායක සූර්යකුමාර යාදව්ගේ ප්‍රහාරකාරී පිති හරඹය හමුවේ අමෙරිකාවට අසීරු අභියෝගයක් එල්ල කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
තරගයේ මුල් අවස්ථාවේදී ඉන්දියානු පිතිකරුවන්ට අමෙරිකා පන්දු යවන්නන් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවුණා.
ඇමරිකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ මුල් පෙළ පිතිකරුවන් වේගයෙන් දැවී යාම හේතුවෙන් ඉන්දියාවට එල්ල වූයේ දැඩි පීඩනයකි.
එහෙත් එම අවස්ථාවේදී කණ්ඩායම ගලවා ගැනීමට නායක සූර්යකුමාර් යාදව්ට හැකි වුණා.
ඔහු වගකීමෙන් හා මනා සංයමයකින් යුතුව සිය ඉනිම ගොඩනගමින් නොදැවී ලකුණු 84ක් රැස් කළා. ඔහුගේ ඉනිම හේතුවෙන් ඉන්දියාව 20 පන්දුවාර අවසානයේ කඩුලු 9ක් අහිමිව ලකුණු 161ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව, තරඟය ජය ගැනීමට ඇමරිකා කණ්ඩායමට ලකුණු 162ක අසීරු ඉලක්කයක් ලැබී තිබෙනවා.
