2026 T20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය (USA) අතර පැවැති තරඟය ලකුණු 29කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුණා.
මුම්බායි හි වංකේඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස් කළා.
ඉන්දියානු ඉනිම ආරම්භයේදී කඩුලු හතරක් ලකුණු 46කට බිඳී යාම හමුවේ දැඩි ලෙස පීඩනයට ලක්වූ ආකාරයයි දක්නට ලැබුණේ.
එහෙත් සුර්යකුමාර් යාදෙව් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී පන්දු 49කදී ලකුණු 84ක් රැස් කිරීම හමුවේ ඉන්දියානු ඉනිමට එක් වුණේ අපූරු ජීවයකි.
අමෙරිකානු පන්දු යවන්නන් අතර කැපී පෙනෙන පන්දු යවන්නා වූ Shadley van Schalkwyk කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 162ක ජය ඉලක්කයක් හඹාගිය අමෙරිකානු කණ්ඩායමට ඉන්දියානු පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළ අතර ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකිවූයේ ලකුණු 132/8ක් පමණයි.
ලකුණු 29කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉන්දියානු ඉනිමට විශාල ශක්තියක් ලබා දුන්නේ මොහම්මද් සිරාජ්ය.
