අන්තර්ජාලයේ අසැබි දර්ශන නරඹමින් සිටි මිනිසෙක්ට තමාගේම වීඩියෝවක් හමුවෙලා…

අන්තර්ජාලයේ අසභ්‍ය වෙබ් අඩවියක් පරීක්ෂා කිරීමේදි එහි තමා හා තමාගේ පෙම්වතියගේ වීඩියෝවක් තිබෙනු දුටු පුද්ගලයෙකු කම්පනයට ලක් වූ පුවතක් චීනයෙන් වාර්තා වී තිබෙනවා.

චීනයේ ෂෙන්ෂෙන් (Shenzhen) නගරයේ හෝටලයක තම පෙම්වතිය සමඟ නවාතැන් ගත් පුද්ගලයෙකුට සති කිහිපයකට පසු තමා විසින්ම අසභ්‍ය වීඩියෝ පට නරඹමින් සිටියදී මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වීඩියෝවේ ඔවුන් කාමරයට ඇතුළු වී ඔවුන්ගේ බඩු බාහිරාදිය තැන්පත් කරන ආකාරයේ සිට එතැන් සිට සිදුවූ සියලු ක්‍රියාකාරකම් සටහන්ව තිබෙනවා.

සැඟවුණු කැමරාවක් ඔස්සේ රහසිගතව එම සියලු දර්ශන පටිගත කර තිබූ බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

එම දර්ශන ඔවුන්ගේ අවසරයකින් තොරව අන්තර්ජාලයට යාවත්කාලීන කර ඇති බව සඳහන්ය.

මෙම සිද්ධිය හේතුවෙන් ඔවුන් දැඩි මානසික පීඩාවකට පත්ව ඇති බව වාර්තාවල දැක්වෙනවා.

මෙවැනි “spy-cam” හෝ රහස් කැමරා භාවිත කර පෞද්ගලික දර්ශන රූගත කිරීම චීනයේ දීර්ඝ කාලයක් තිස්සේ ගැටළුවක් ලෙස පවතින්නකි.

Latest News

error: Content is protected !!