ගල්මුල් රැසක් මැද ලෝක කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක පළමු තරගය ලකුණු 20කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලාංකික පිතිකරුවන් අයර්ලන්ත කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 164ක අසීරු ඉලක්කයකි.

එයට පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණයි.

සාර්ථක පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා..

ඊට අමතරව වනිඳු හරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම ජයග්‍රහණය සමඟ විස්සයි20 තරග බිමේ අයර්ලන්තයට එරෙහි අපරාජිත බව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමද විශේෂත්වයකි.

දෙරට අතර අද පැවැතියේ 4වන විස්සයි40 තරගය වන අතර, එම සියලුම තරග ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකාවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර 20විස්ස ලෝක කුසලානයට සහභාගී වන්නේ අභියෝග, විවේචන හා අධෛර්යමත් කිරීමේ විශාල පීඩනයක් මධ්‍යයේය.

කෙසේ වෙතත් එම සියලු විවේචනවලට පිළිතුරු ලබා දෙමින් පළමු තරගය සුවිශේෂී ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

Latest News

error: Content is protected !!