යුරේනි තාමත් බැඳලා නැති හේතුව බිකිනියද? බිකිනියෙන් එහාට යුරේනිව කියවගමු

‘තාමත් බැඳලා නැහැ’ යුරේනි නොෂිකා කරපු අලුත්ම පත්තු වුණ වැඩේ.

යුරේනි වැඩක් කළොත් ආයෙ ගින්දර වගේ කියන එක කවුරුත් දන්න දෙයක්.

අලුත් මියුසික් වීඩියෝ එකත් ඒ වගේ පත්තු වුණ ගින්දර වැඩක් කියලා කියන්න පුළුවන්.

අවුරුදු 30, 40 ලබනකොට වයසයි කියලා හිතන යල් පැන ගිය මොළගෙඩි වලට යුරේනි මේ මියුසික් වීඩියෝ එකෙන් දුන්න උත්තරය තමයි ලස්සනම දේ.

මේ මියුසික් වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට සින්දුව අහගන්න දෙපාරකට වැඩිය නම් වීඩියෝ එක බලන්නම වෙනවා.

ඒ යුරේනි බිකිනියෙන් ඉන්න නිසාද? බිකිනිය කියන්නේ සංස්කෘතික පැත්තෙන් ගත්තම සම්ප්‍රදායිකව අපේ නිළියක් නොගත්ත අභියෝගයක්නේ. හැබැයි හැමදාම සම්ප්‍රදායට අභියෝගයක් දුන්නු යුරේනිට ඒ දේවල් කවදාවත් මහලොකු අභියෝග වුණේ නැහැ. ඒ නිසාම ඇයට පුළුවන් වුණා අලුත් ට්‍රෙන්ඩ් එකක් හදන්න. දැන් බය නැති අලුත් පරම්පරාවක් හැදිලා ඉන්නව නම් යුරේනි කියන්නේ ඒකේ අඬහැරය වගේ.

හැබැයි යුරේනි එතනින් එහාට කියවගන්න පුළුවන් වුනේ කාටද? අවුරුදු 40 පැන්න යුරේනි මේ මියුසික් විඩියෝ එකේ පෙන්වන ටැලන්ට් එක? ඒ ෆිගර් එක ලස්සන මේන්ටේන් කරල තියෙන විදිය, Flexibility Maintain, Strength Training, Pilates Focus කරල තියන විදිය කවුද කියවගත්‍තෙ.

බොලිවුඩ්වල, හොලිවුඩ්වල හිටිය නම් තවත් ෂකීරා කෙනෙක්, J-Lo කෙනෙක්, බිපාෂා බාසු කෙනෙක්.

තවමත් බැඳලා නැහැ මියුසික් වීඩියෝවට බිකිනියෙන් පෙනී සිටීම ගැන ඇය දක්වලා තිබ්බෙ මේ අදහස හරි වැදගත්.

“මම හැමදාමත් කරන්නේ තරුණ පරපුර සතුටු කරන දෙයක්. මම හිතන්නේ මේ ගීතයේ ශෛලයන් වෙනස්ම දෙයක්.”

ඇය ලංකාවම සතුටු කරන්න බිහි වුණ තරුවක්. හැබැයි අපි ඇගෙන් සතුටු වෙනව වෙනුවට ඇගේ බිකිනියට ඇඟිල්ල දිගු කළ එකයි කළේ.

“මම හැමදාම සම්ප්‍රදාය අතික්‍රමණය කරපු කෙනෙක්. මම ගොඩාක් උඩුගම් බලා පිහිනුව කෙනෙක්. හැබැයි මම උඩුගම් බලා පිහිනීමේ ප්‍රතිඵල අද දකිනවා. ක්‍ෂේත්‍රයට එන තරුණියන් ලස්සනට පැෂන් කරනවා. දැන් ටිකක් අවංක වෙලා කතා කරනවා. කට්ටිය විවෘත වෙන්න උත්සාහ කරනවා. මම ආරම්භයක් දුන්න හින්දා ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. මම හිතනවා මොකක් හරි හොඳ දෙයක ආරම්භයක් වේවි කියලා. වැරදි ඇසකින් බැලුවොත් අපිට ඕනෑම දෙයක් වැරදි විදිහටනේ පෙනෙන්නේ. අපි ජාත්‍යන්තර මට්ටමින් මේක බැලුවොත් හරි සරලයි. ඒක නතිං. මම ඕනෑම වෙලාවක අවදානමක් ගත්ත කෙනෙක්. මේ අවදානමත් ගත්තේ අපේ තරුණ කට්ටියට අනාගතයේ මොනවා හරි හොඳ දෙයක් සිද්ධ වේවි කියන බලාපොරොත්තුව ඇතිවයි.”

යුරේනි හැමවෙලාවෙම සම්මත, පොදු සංස්කෘතික රාමුවට පිටින් වැඩ කරපු කෙනෙක්. ඇය තවම බැඳලා නැති හේතුවත් ඒකම වෙන්නත් පුළුවන්.

ඒ කොහොම වුණත් රෙගේ ශෛලියේ මේ අලුත් සින්දුව යුරේනිගේ අපට මිස්වුණු කොටස කියවගන්න හොඳ අවස්ථාවක් කියල අපි හිතනවා.

Latest News

error: Content is protected !!