කවදාවත් ලංකාව අතහරින්න බැහැ
ධර්ම යුද්ධය-2 තිරගත වෙනකොට චිත්‍රපටය ගැන, නළු නිළියෝ ගැන කතා කරනකොට තිසුරිව මතක් වෙන එක වළක්වන්න බැහැ.
තිසුරි ලංකාවෙන් ගියාට පස්සෙ ආයේ කලාවට සම්බන්ධ වෙන එකක් නැහැ වගේ කතා තිබුණ නිසාම ධර්ම යුද්ධය-2 චිත්‍රපටයේ ඇය දකින්න ලැබුණම හැමෝම පුදුමයට පත් වුණා.
අපිට හිටිය සුන්දරම කලාකාරිනියක් වුනු සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණිය තමයි තිසුරි කියන්නේ.
අම්මාගේ අඩිපාරේ යමින් කලාවට ආව තිසුරි කෙටිකලකින්ම සලකුණු කරපු රංගන පරාසය නිසාම ඇය රංගනය නතර කිරීම ක්ෂේත්‍රයට ලොකු පාඩුවක් වුණා.
ඒ නිසා ධර්ම යුද්ධය-2 එක්ක ඇය ආපහු දකින්න ලැබුණ එක ඇත්තටම අස්වැසිල්ලක්.
මේ දවස්වල තිරගත වෙන ධර්ම යුද්ධය-2 චිත්‍රපටය ගැන කරපු කතා බහකදි ඇය කියලා තියෙන විදියට ඇය ක්ෂේත්‍රයට නැති වෙන්නෙ තව කෙටි කාලයකට විතරයි.
තිසුරි ආයෙ එන්න බලාගෙන ඉන්නවා. ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි ලංකාවේ පදිංචියටම. තිසුරි කියන්නේ ඇය රටින් පිටවුණේ සැමියාගේ අත්‍යාවශ්‍ය අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් කියලයි.
ඉතින් තිසුරි වෙනුවෙන් ඇගේ සියලුම කටයුතුවලට සහභාගී වෙන්නේ ඇගේ පියා කියලත් තිසුරි කියලා තියෙනවා. ඇය වෙනුවෙන් ධර්ම යුද්ධය-2 චිත්‍රපටය නරඹන්න පවා ගිහින් තියෙන්නෙ ඇගේ තාත්‍තා. ඇගේ සම්මාන පවා ඇය වෙනුවෙන් ගිහින් ගන්නේ ඔහු. අම්මා නැතිවුණ අඩුව ඒ විදියට පුරවන්නේ තාත්තා කියලා ඇය කියලා තියෙනවා.
ඉතින් තාත්තා තනියම ඉන්න නිසාත් කලාව එක්ක තියෙන බැඳීම නිසාත් ලංකාව කවදාවත් අතඅරින්න බැහැ කියලත් ඇය කියල තියෙනවා.
