සිනමා විචාරක ලක්මිණට හේමාල් ගැහුවද? අතින් ඇල්ලුවාද?

සිනමා විචාරකයකු හා වෙළඳ දැන්වීම් නිර්මාණකරුවකු වන ලක්මිණ රණසිංහට හැව්ලොක් සිටි සිනමා ශාලා­වේදී පසු­ගිය ජන­වාරි මස 8 වන දින හේමාල් රණ­සිංහ විසින් පහර දීම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

එම පහරදීම සම්බන්ධයෙන් වැල්ල­වත්ත පොලී­සිය විසින් ඉකුත් 03වැනිදා හේමාල් රණසිංහ අත් අඩංගුවට ගත් අතර ගල්කිස්ස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරීමෙන් අනතුරුව ඔහුගේ නීතිඥයින් අධිකරණයට පැවසුවේ හේමාල් විසින් ලක්මිණට පහර දීමක් සිදු කර නොමැති බවයි.

හැව්ලොක් සිනමා ශාලාවේ පසු­ගිය 8 වැනි දින පැවැති චිත්‍ර­පට මුහු­රත් උලෙ­ළක දී මොවුන් දෙදෙනා මුහු­ණට මුහුණ හමුවූ අව­ස්ථාවේ දී පැමි­ණි­ලි­කරු අමතා තම සේවා­දා­ය­කයා “ලක්මිණ එන්න අපි කතා කරමු” කියා අතින් ඇදී­මක් සිදුකර ඇති බවයි එහිදී සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් ලක්මිණ රනසිංහගේ පාර්ශවයෙන් එය ප්‍රතික්ෂේප කර පවස තිබුණේ ඔහු තමාට පහර දුන් බවයි.

ලක්මිණ විසින් එක්තරා යූ ටියුබ් නාළිකාවක් සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ද හේමාල් තමාට පහර දුන් බව තහවුරු කර තිබෙනවා. ඔහු තමාගේ බිරිඳ හා දරුවන් ඉදිරියේ තමාගේ හිසට සහ බෙල්ලට පහර දුන් බවයි ඔහු එහිදී ද සඳහන් කර තිබෙන්නේ.

පහර දීමට හේතුව පසුගිය කාල සීමාවේ තමා හේමාල් රණසිංහගේ සිනමා නිර්මාණ කිහිපයක් විවේචනය කරමින් අදහස් පළ කිරීම බවයි ලක්මිණ පවසන්නේ.

මේ නිසා දෙදෙනා අතර හිත් අමනාපකමක් පැවති අතර මාරියා චිත්‍රපටය පිළිබඳ විචාරයකදී ඔහු හේමාල් පිළිබඳව සඳහන් නොකිරීම පහර දීමට හේතුව බව ලක්මිණ සඳහන් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජන­ප්‍රිය නළු හේමාල් රණ­සිංහ රුපි­යල් ලක්ෂ­යක ශරීර ඇප­යක් මත මුදා හැරී­මට ගල්කිස්ස මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා නියෝග කරනු ලැබුවා.. හැව්ලොක් සිටි සිනමා ශාලා­වේදී සිදුවන මෙම පහර දීමට අදාළව සීසී­ටීවී දර්ශන ලබාගෙන ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද වැල්ල­වත්ත පොලී­සිය කටයුතු කර තිබුණා.

මැයි මස 14 වැනි දින නඩුව නැවත කැඳ­වී­මට නිය­මි­තය.

Latest News

error: Content is protected !!