එෆ්ස්ටීන් නිවසේ දින 9ක් ගත කළ ඇන්ඩෘ කුමාරයා පාසල් දැරියන් ඉල්ලුවේ ඇයි?

අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ජෙෆ්රි එෆ්ස්ටීන් නඩුවට අදාළව නිකුත් කළ නවතම ලේඛන වල බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇන්ඩෲ කුමාරයා සම්බන්ධතාව එෆ්ස්ටීන් සමඟ පැවැත්වූ සම්බන්ධතාවලට අදාළ ඊමේල් පණිවිඩ ද ඇතුළත්ය.

එම පණිවිඩවලට අනුව ඔහු 2010 වසරේ Epstein ගේ නිව්යෝර්ක් මන්දිරයේ ගත කළ දින 9ක් පිළිබඳ මතු වූ විස්තර ආන්දෝලනාත්මක වී තිබෙනවා. එම කාල සීමාව තුළ ඔහු වෙනුවෙන් එෆ්සිටීන්ගේ නිවසේ විශේෂ මූල්‍ය රැස්වීම් හා සාද සඳහා කාල සටහන් සැකසුණු බව එම පණිවිඩවල සටහන් වී තිබෙනවා.

වාර්තා අනුව, එම කාලය තුළ “පාසල් අවසන් වූ පසු එන්න පුළුවන්” ලෙස සඳහන් කරමින් පාසල් වියේ පසුවන දැරියන් පිළිබඳ විමසන ඊමේල් පණිවුඩ ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එම පාසල්වල සඳහන් වන දැරියන් කවුදැයි අනාවරණය වී නැහැ. එය එකම දැරියක් ඉලක්ක කරගෙන යැවූ ඒවා ද නැතිනම් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන යැවූ ඒවා ද කියා ද හඳුනාගත් බවක් වාර්තා වන්නේ නැහැ.

එසේම Epstein විසින් තම ගණකාධිකාරිවරයාට “ඩොලර් 5,000 මුදල් ගෙන එන්න” යන පණිවිඩයක්ද එම කාලය තුළ යවා තිබූ බව වාර්තා වෙනවා. මෙම මුදල් කුමක් සඳහාද යන්න පැහැදිලි නොමැති බව ද සඳහන්ය.

ඇන්ඩෘ කුමරා මීට පෙර BBC සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේ ඔහු එෆ්ස්ටීන් හමුවූයේ ඔහු සමඟ පැවති ගණුදෙනු අවසන් කිරීමට බවයි. ඔහු එහිදී සඳහන් කළ ආකාරයට ඔහු එෆ්ස්ටීන්ගේ නිවසේ නවාතැන් ගෙන ඇත්තේ දින 4ක කාලයක් පමණි. එහෙත් නවතම වාර්තාවල එය නවයක් බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!