ලිංගික අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටියදී 2019 වසරේ සිරගෙයක මියගිය බව නිල වශයෙන් ප්‍රකාශිත ජෙෆ්රි එප්ස්ටීන් සැබවින්ම මියගොස් නොමැති බව බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරයෙක් වන ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ගේ හිටපු පෙම්වතිය වන වික්ටෝරියා හර්වි පවසා තිබෙනවා.
ඇය පවසන්නේ එප්ස්ටීන් සිරගෙයෙන් පලා යාම සඳහා සංකීර්ණ සැලැස්මක් ක්‍රියාත්මක කළ බවයි. වෑන් රථයක් මඟින් වෙනත් පුද්ගලයෙකුට මාරුකර ඔහු වෙනත් රටකට පලා ගොස් ඇති බවට තමන් විශ්වාස කරන බවයි ඇය පවසා ඇත්තේ.
එමෙන්ම ඔහු තවමත් ජීවතුන් අතර සිටිය හැකි බවට සාධාරණ සැකයක් පවතින බවට ඇය විශ්වාසය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත් නිල පරීක්ෂණ වාර්තා අනුව ජෙෆ්රි එප්ස්ටීන් 2019 වසරේ නිව්යෝර්ක් සිරගෙයකදී සියදිවි නසාගැනීමකින් මියගිය බවටයි තහවුරු කර ඇත්තේ.
ඇය කළ මෙම විවාදයට ලක්වූ ප්‍රකාශය පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එප්ස්ටීන් සියදිවි නසා ගත්තේ නොමැති බවත්, ඒ වෙනුවට ඔහු ඊශ්‍රායලයට පලාගොස් ඇති බව ඇය තරයේ අවධාරණය කර තිබෙනවා.
2019 වසරේ ජෙෆ්රි එප්ස්ටීන්ගේ මරණය සහ එය වටා ඇති වූ අවුල් සහගත තත්ත්වය දිගු කලක් තිස්සේ විවිධ කුමන්ත්‍රණ න්‍යායයන්වලට හසු වූවකි. ලිංගික වෙළඳාම් චෝදනා මත නඩු විභාගය අතරතුර නිව්යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් සිරගෙය තුළ ඔහුගේ කාමරයේ ඇඳ අසල ගෙල වැළලාගනිමින් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
