2026 පෙබරවාරි 8 වන දින ඇමරිකාවේ සැන්ටා ක්ලාරා, කැලිෆෝනියාවේ Levi’s Stadium හි Super Bowl LX ක්‍රීඩා උළෙල අතර පැවැත්වුණු halftime ප්‍රසංගයේ ප්‍රධානතම ගායකයා වූ පුවර්ටෝ රිකෝ ගායන ශිල්පී බෑඩ් බනීගේ (Bad Bunny) ප්‍රසංගය ආන්දෝලනාත්මක වී තිබෙනවා.
ඔහුගේ ප්‍රසංගය අසාර්ථක වන අතර අමෙරිකානු අගයන්ට විරුද්ධ බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවතින්නේ. ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ බෑඩ් බනීගේ ප්‍රසංගය විවේචනය කරමින් එය අමෙරිකානු මුහුණට ගැසූ කම්මුල් පහරක් බවට ප්‍රකාශ කළා. එය ඇත්තටම නරක බවත් ඇමරිකානු අගයන් විනාශ කළ බවටයි ඔහු චෝදනා කළේ.
මෙම විවේචනයන්ට හේතු වී ඇත්තේ බෑඩ් බනී ඔහුගේ සියලු ගීත ස්පාඤ්ඤ භාෂාවෙන් ගායනය කිරීමත් එම ගීත බොහොමයක් ලතින් ඇමරිකානු ගීත වීමත් අමෙරිකානු සංගීතයට විරුද්ධ වීමත්ය.
ඔහුගේ ස්පාඤ්ඤ භාෂාව මෙලෝ මනුස්සයෙක්ට නොතේරෙන බවත් නර්තන නුසුදුසු බවත් දරුවන්ට බැලීමට නොහැකි බවටත් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.
බෑඩ් බනී ඔහුගේ ඉදිරිපත් කිරීම් සම්පූර්ණයෙන් ලතින් සංගීතය, සංස්කෘතික මාතෘකා සහ එකමුතු බව පිළිබඳ පණිවිඩවලින් පුරවා තිබුණා. ඔහු ඉදිරිපත් කිරීම පුරා විවිධ රටවල කොඩි පෙන්වමින් ඒකාබද්ධ තාවය පිළිබඳ පණිවිඩ ඉදිරිපත් කිරීමටයි උතසහකර තිබුණේ. බොහෝ අමෙරිකානුවන් එම ගීත රසවිඳි බවත් ප්‍රසංගයට උද්යෝගයෙන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
ලේඩි ගාගා සහ රිකී මාර්ටින්ද මෙම ප්‍රසංගයට එක්ව බෑඩ් බනී සමඟ ගායනය කළ බව වාර්තා වෙනවා.
