SSC ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු රාත්‍රී තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාවේ ඉතිහාසගත ක්‍රිකට් පිටියක් වන කොළඹ සිංහල සමාජය (SSC) ක්‍රීඩාංගණයේදී අද (10) පළමු වරට විදුලි ආලෝක යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ය.

SSC ක්‍රීඩාංගනය දීවා රාත්‍රී තරගවලට සුදුසු වන ආකාරයෙන් එහි විදුලි ආලෝක පද්ධති වැඩි දියුණු කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම වන්නේ මෙයයි.

මේ අනුව 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සහ අමරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර සුවිශේෂී තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වෙනවා.

මෙම නවමු අත්දැකීම විඳ ගැනීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීම සඳහා තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාව දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩාංගණයට පිවිසීම සඳහා 5 සහ 7 දොරටු සවස 5.30 සිට මහජනතාව සඳහා විවෘත කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ.

Latest News

error: Content is protected !!