T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළට වනිඳුගේ දඟ පන්දුව අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා..

ඒ ඔහුගේ පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙනි.

වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය වූ අයර්ලන්තයට එරෙහිව ඉකුත් 8 වනදා පැවැති තරගයට ද ඔහු සහභාගී වුණා. ඔහු පාදයේ මාංශ පේශිවල ආබාධ තත්ත්වයට ගොදුරු වුණේ එම තරගය අතරතුරදීය.

එම තරගයේදී ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී වනිඳු ලකුණු 25කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Latest News

error: Content is protected !!