ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් සිදුව තිබෙනවා.
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත සිදු කරනු ලබන ඉන්දියානු සංචාරය අතරතුර මෙම හමුව සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධනය මෙන්ම කර්මාන්ත ආශ්‍රිත දියුණුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක, ඇඟලුම් වැනි කර්මාන්ත සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගෙන ඇති බව සඳහන් ය.
ගුජරාට් ප්‍රාන්තයේ මැදිහත්වීමෙන් සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට වැඩමවා ලංකාවේ බෞද්ධ ජනතාවට වන්දනා කිරිමට අවශ්‍ය කටයුතු සැලැස්වීම පිළිබඳව මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මොහොතේ ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය වෙනුවෙන් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සිය ස්තූතිය පුද කර තිබෙනවා.
ඔහු මෙම සංචාරයේදී නවදිල්ලි සහ කේරළ ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිත අතර එම ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
