රාජ්‍ය අරමුදල් වියදම් කිරීමේ බලතල දේශපාලන නායකයින්ට පැවරීම නීත්‍යානුකූලද?

“ප්‍රජා ශක්ති කමිටු” සභාපතිවරු ලෙස දේශපාලන අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් පත් කරමින් රාජ්‍ය මුදල් වියදම් කිරීමේ බලතල පවරා දීම නීත්‍යානුකූලද යන්න රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජික, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර තිබෙනවා.

සිය ගිණුමේ සටහනක් තබමින් ප්‍රජා ශක්ති වැනි කමිටු හරහා සමෘද්ධි, මාර්ග හා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ තීරණ ගැනීමේ බලය දේශපාලන බල අධිකාරියට සම්බන්ධ පුද්ගලයින් අතට මාරු වීම නිසා අපක්ෂපාතීභාවය, වගකීම්භාරය සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ බරපතල සහගත ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙසේ බලතල පැවරීම සහ රාජ්‍ය මුදල් පිළිබඳ ව්‍යවස්ථාමය මූලධර්මවලට අනුකූලදැයි හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර තිබෙනවා.

විපක්ෂ මන්ත්‍රී හර්ෂ වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි කරුණු සහ ආරක්ෂිත ක්‍රමවේද අවශ්‍ය වන අතර මෙය ව්‍යවස්ථාමය මූලධර්ම හා මහජන මුදල් කළමනාකරණ නීති සමඟ අනුකූලද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බවයි.

Latest News

error: Content is protected !!