YouTube සමාගම විසින් AI (කෘත්‍රිම බුද්ධි) භාවිතයෙන් නිර්මාණය කරන ලද ජනප්‍රිය YouTube නාලිකා ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
වාර්තාවකට අනුව මෙලෙස ඉවත් කර ඇති නාලිකා ගණන 16කි.
ඒවා AI මගින් නිෂ්පාදනය කර ඇති, එකම ආකාරයේ සහ අඩු ගුණාත්මක වීඩියෝ ප්‍රකාශයට පත් කළ නාලිකා බව සඳහන් වෙනවා.
Kapwing නම් වීඩියෝ වේදිකාවක් නිකුත් කළ වාර්තාවක් අනුව, මෙම නාලිකා ඉවත් කිරීමේ ක්‍රියාවලිය යූ ටියුබ් සමාගම විසින් ආරම්භ කර ඇත්තේ 2025 නොවැම්බර් මාසයේය.
ඉවත් කරන ලද නාලිකා අතර මිලියන ගණනක ග්‍රාහකයන් සහ බිලියන ගණනක නැරඹීම් වාර ගණනක් ලබා තිබූ නාලිකා ද ඇතුළත් වන බව සඳහන්ය.
මෙම පියවර YouTube විසින් ගෙන ඇත්තේ, AI මගින් ස්වයංක්‍රීයව නිපදවන සහ නැවත නැවත පළ කරන අන්තර්ගතයන් හේතුවෙන් සැබෑ මිනිස් නිර්මාණකරුවන්ගේ අන්තර්ගයන් වෙත අවධානය අඩුවීම වැළැක්වීම සඳහා බවයි පැවසෙන්නේ.
මේ අතර, AI අන්තර්ගතයන් YouTube තුළ සම්පූර්ණයෙන්ම නැති නොවනු ඇති බවටද වාර්තා පළ වෙමින් පවතී.
