රාජ්‍ය ආයතන කිහිපයක සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ප්‍රධානීන් වෙනස් කිරීම පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර තිබෙනවා.
යෝජිත වෙනස්කම් පිළිබඳව රජය දැනට සාකච්ඡා පවත්වමින් සිටින බව ඔහු සඳහන් කළේ සතිපතා කැබිනට් තීරණ නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව අතරතුරදීය.
සිදු කිරීමට නියමිත වෙනස්කම් ඉක්මනින් දැනුම් දෙන බව අමාත්‍යවරයා පවසා සිටියා.
