ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය ජවිපෙ අනුබද්ධ සමාගමකට ලබා දීමේ සැලසුමක්

රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවට ගොවීන් සහ ව්‍යාපාරිකයින් අනතුරු අඟවයි

රටේ ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරණය ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සාමාජිකයින්ගෙන් සමන්විත සමාගමකට පැවරීමට රජය සැලසුම් කරමින් සිටින බවට දඹුල්ල ජාතික ගොවි සංවිධානය චෝදනා කර තිබෙනවා.

ජාතික ගොවි සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය වෙත පැවසුවේ, රජය මේ තීරණය ක්‍රියාත්මක කළහොත් දිවයින පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම් සපුරාලීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ, ගොවීන්ගේ හෝ පාරිභෝගිකයින්ගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

පසුගිය වසර 28 තුළ මෙරට ආර්ථික මධ්‍යස්ථාන කාර්යක්ෂමව කළමනාකරණය කර ඇති බවත්, රජයේ අත්තනෝමතික තීරණයට එරෙහිව තම සංවිධානය නීතිමය පියවර ගන්නා බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංවිධානයේ සභාපති සී.එස්. සිරිවර්ධන මහතා ද සඳහන් කරනු ලැබුවා.

කෘෂිකාර්මික නිෂ්පාදන සපයන ගොවීන් ආර්ථික මධ්‍යස්ථානවල කොඳු නාරටිය වන අතර රජය, ඔවුන්ගේ අදහස් විමසා බැලිය යුතුව තිබුණු බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ. වසා දමා ඇති හෝ විවෘත කර නොමැති ආර්ථික මධ්‍යස්ථාන තම සමාගම යටතට ගෙන ඒවා ලාභ ලබන ව්‍යාපාර බවට පත් කරන ලෙස ඔහු අමාත්‍යවරයාට අභියෝගයක් ද ලබා දී තිබෙනවා.

Latest News

error: Content is protected !!