දැඩි ඉල්ලුම හමුවේ ගුවන් ටිකට්පත් මිලත් ඉහළට
2026 ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පෙබරවාරි 15දා පැවැත්වීමට නියමිත තරගය සඳහා ටිකට්පත් කළු වෙළඳපොළේ (black market) රුපියල් 100,000 දක්වා මිලකට අලෙවි වන බව වාර්තා වෙනවා.
දකුණු ආසියාව පුරා ඇති දැඩි රසික උනන්දුව හේතුවෙන් තරගාවලියේ වැඩිම අවධානයට ලක් වූ තරගය වන්නේ මෙයයි.
ටිකට්පත් සීමිතව ලබාදීම සහ ඉල්ලුම ඉහළ යාමත් සමඟ දෙවැනි වෙළඳපොළේ මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
තවද, ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ටිකට් අලෙවිය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබා නොදීම හේතුවෙන් ද රසිකයන් අතර අවිනිශ්චිතතාවයක් ඇති කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
පෙර ලියාපදිංචි වූ රසිකයන්ට ටිකට්පත් විකුණා අවසන් වී ඇති බවට කටකතා පැතිර යමින් පවතින අතර, මේ සතියේ ICC වෙබ් අඩවිය හරහා ඉතා සීමිත ටිකට්පත් ප්‍රමාණයක් පමණක් ලබාගත හැකි බව වාර්තා වී තිබෙනවා.
මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය තහවුරු කිරීමෙන් පසු මුම්බායි සහ කොළඹ අතර ගුවන් ගමන් ගාස්තුද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යාමට සහ ඒමට ගුවන් ටිකට් මිල රුපියල් 60,000 පමණ වන බවයි සඳහන් වන්නේ.
පාකිස්ථානය මුලදී මෙම තරගය වර්ජනය කිරීමට සූදානම් වුවද පසුව රජයේ උපදෙස් අනුව තරගයට සහභාගී වීමට එකඟ වීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වූ බව වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.
