ගෝල්ෆේස් අරගලය අවස්ථාවේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් අද (11) තීන්දු කර තිබෙනවා.
එහිදී චෝදනා එල්ල වූ විත්තිකරුවන් විත්තිකරුවන් 41 දෙනෙකුට අතර තවත් සිව් දෙනෙකුට මාස හයක සිර දඬුවමක් ලබා දීමට ද නියම කෙරුණා.
2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව විභාග කෙරුණේ විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ල ඉදිරියේ දී යි.
එහි දී සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට එම චෝදනා ඔප්පු කර නොමැති බව තීන්දු කරමින් සියලුම චෝදනාවලින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවට තීන්දු කර තිබුණා.
විනිසුරු මඬුල්ලේ සෙසු විනිසුරුවන් වූ රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන විනිසුරුවරුන්ගේ මතය වී තිබෙන්නේ සියලුම චෝදනා සම්බන්ධයෙන් චූදිතයන් 23 න් දෙනෙකු පමණක් නිදොස් කොට නිදහස් කිරීමටයි.
එහි දී අනෙකුත් චෝදනාවලින් පළමු චෝදනාව වූ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් චූදිතයන් සිව් දෙනෙකු වැරදිකරුවන් ලෙස හඳුනාගත් එම විනිසුරුවරු දෙපළ එම සිව් දෙනා සඳහා මාස 6 ක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම අවුරුදු 5 කට අත්හිටුවනු ලැබූ අතර, මරණකරුවන්ගේ බිරින්දෑවරු සඳහා රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ගෙවිය යුතු බව හා දඩයක් වශයෙන් රුපියල් 10,000 ක මුදලක් ගෙවිය යුතු බව තීන්දු කර තිබෙනවා.
මෙහි දී ඝාතනය කිරීමේ චෝදනාවට සහ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ 12 දෙනෙකු සඳහා අධිකරණය විසින් මරණ දඬුවම නියම කිරීමටයි අධිකරණය තීන්දු කරනු ලැබුවේ.
අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී ඝාතනය කර තිබුණා.
එහිදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල ද සටහන් වුණා.
අනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
