ජනප්‍රිය ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් සිය සම්පූර්ණ ගීත එකතුවට අදාළ හිමිකම් සංගීත ප්‍රකාශන සමාගමක් වන Primary Wave වෙත අලෙවි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
වාර්තා අනුව ඇගේ සියලුම ගීත අලෙවි කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න මුදලකටයි.
කෙසේ වෙතත් මෙම ගිවිසුම පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.
ගිවිසුම මඟින් 1990 සහ 2000 දශකවල ජනප්‍රිය වූ ඇයගේ ගීත රැසක් ඇතුළත් සංගීත එකතුවේ හිමිකම් Primary Wave සමාගමට පවරා දී ඇති බව සඳහන් වෙනවා.
බොබ් මාලේ, විට්නි හූස්ටන් සහ ස්ටීවි නික්ස් වැනි සංගීත ලෝකයේ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ ගීත එකතුවල හිමිකම් පවත්වාගෙන යනු ලබන්නේද Primary Wave සමාගම විසිනි.
බ්‍රිට්නි ස්පියර්ස්ගේ හෝ Primary Wave සමාගමේ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැති බවද වාර්තා වෙනවා.
