බලංගොඩ කස්සප හාමුදුරුවෝ නම් අඳින්න බෑ කියන්න ඇති..
රාජගිරියේ දී කොල්ලෙකුට සවලකින් පහර දීපු සිද්ධියේ සැකකාර සිඟිති පාතාල කොල්ලො සෙට් එක ඊයේ (11) අධිකරණයට ගෙනාවනේ.
එතන පියුමි හංසමාලිගේ පුතාත් ඉඳලා තියෙනවා. පියුමි ඒ වෙලාවේ එතනට ගිහිල්ලත් තියෙනවා.
සවලෙන් ගුටි කෑව කොල්ලට මොකද වුණේ ICU ද, ආදාහනාගාරෙද මුකුත් දන්නෑ. හැමෝම කතා කරන්නෙ පියුමිගේ පුතා ගැන.
පියුමිගේ පුතා සවලෙන් ගැහුවෙ නෑ සවල ඇල්ලුව විතරයි, පියුමිගේ එකා නෙවෙයි ගහන්නේ, ඌ තමයි බේරෙන්නෙ වගේ කතා ගොඩක් දැක්කා.
ඒක නෙවෙයි ප්‍රශ්නෙ, අරසෙට් එක අධිකරණයට අරන් එනකොට ඔලුවෙ ඉඳන් වහලා ගෝනිබිල්ලො වගේ හංගගෙන අරන් එන්න අන්දලා තිබ්බ දිලිසෙන සිල්වර් කලර් කිට් එක මොකක්ද හැබෑටම.
කොරෝනා කාලේ හොස්පිට්ල්වල ඇන්ද PPE කිට් එක වගේ. අපරාධකාරයෙක්‍ට වුණත් පොඩිලුක් එකක් ගැම්මක් එන කිට් එකක්. පොලිසිවල වෙනදත් තිබ්බද? කලින් දැකලා නෑ හැබැයි. ගනේමුල්ලේ සංජීවලා එහෙම වෙස් මූණක්වත් දාල හිටියේ නෑ උසාවි ගේනකොට. සමහර සැකකාරයො හදිසියට ෂර්ට් එක ගලවලා මූණ වහන් එනවා, නැත්නම් රෑට පොරවපු බෙඩ් ෂීට් එකවගේ එකකින් වහගෙන එනවා නම් අපි අනන්තවත් දැකල තියෙනවා.
හදිසියකට බැලුන් එකක් නැති පොලිසියත් සෑහෙන්න දියුණු වෙලානේ. පුතා ඒක ඇඳන් එනකොට පියුමිටත් හිනා. පියුමිත් හැබැයි ගැම්මෙන් හිටියා. කොල්ලා වරදක් කරල නෑනෙ ඉතින්.
ඒක නෙවෙයි, ඒ කිට් එක සැකකාරයෝ ඔක්කොටම දෙන්නෙ නැත්තේ ඇයි ද දන්නෙ නෑනේ. බලංගොඩ කස්සප හාමුදුරුවෝ එහෙම නම් අඳින්න බෑ කියන්න ඇති.
සැකකාරයෝ ඔක්කොම සමාන නැද්ද? පියුමිගේ පුතා නිසා දීපු විශේෂ කිට් එකක්ද? පියුමිට එක නීතියක් සාමාන්‍ය මිනිස්සුන්ට තව නීතියක්ද? අනේ මන්දා ආණ්ඩු මාරුවෙලා කියලත් කියනව ඉතින් නේද?
