ශ්‍රී ලංකා T20 ජාත්‍යන්තර ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතක වාර්තාව තැබීමට නායක දසුන් ශානක සමත් වී තිබෙනවා.
ඒ 20226 ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕමාන් කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දුව 19ක් තුළ අර්ධ ශතකයක් රැස් කරමිනි.
ශ්‍රී ලාංකිකයෙකු විසින් රැස් කරන ලද වේගවත්ම T20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක, ඉන්දියාවට එරෙහිව පන්දු 20 කදී අර්ධ ශතකයක් රැස් කිරීමේ ඔහුගේම ජාතික වාර්තාව බිඳ දැමීමට මෙහිදී සමත් වුණා.
පල්ලෙකැලේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයේදී දසුන් දැඩි ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර හා ඉහළ හයේ පහරවල් එල්ල කරමින් මෙම වාර්තාව අත්පත් කර ගනු ලැබුවා.
දසුන්ගේ ඉනිම ලකුණු 50ක් (පන්දු 20) ලෙස අවසන් වූ අතර, එයට හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් ඇතුළත්ය.
ඔහුගේ මෙම වේගවත් ඉනිම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් උද්දාමයට පත් කළ බවයි වාර්තා වන්නේ. ඔහුගේ මෙම ඉනිම ඕමානයට එරෙහිව B කාණ්ඩයේ තරඟයේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක ප්‍රබෝධයක් හා ජවයක් එක් කිරීමටද රුකුලක් වුණා.
