ශ්‍රීලීලා MBBS උපාධිය සම්පූර්ණ කරයි

දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක් වන ශ්‍රීලීලා තම MBBS වෛද්‍ය උපාධිය සාර්ථකව නිමා කරලා තියෙනවා.

ඉන්දීය මාධ්‍ය හා සමාජ මාධ්‍යවල ඇය උපාධිය ගන්න අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝ වේගයෙන් ප්‍රචාරය වෙමින් තියෙන බව තමයි වාර්තා වන්නේ.

ශ්‍රීලීලා චිත්‍රපට රංගනය එක්ක කාර්යබහුල වන අතරේ වුණත් ඉගෙනීම අත නොහැරපු කෙනෙක්. ඇගේ ඒ දක්ෂතාවය, කැපවීම වගේම කළමනාකරණ හැකියාව ගැන ඉන්දියානුවන් අතර ඉහළ ගෞරවයක් තියෙනවා කියලා තමයි ආරංචි.

ඇය තෙළිඟු හා කණ්නඩ චිත්‍රපට ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට යාමට හැකි වූ නිළියකි. රංගන වෘත්තියත් අධ්‍යාපනයත් එකට සාර්ථකව පවත්වාගෙන යාම හේතුවෙන් තරුණියන් අතර ආදර්ශමත් චරිතයක් ලෙසත් පිළිගැනීමට ලක් වූ නිළියක් ලෙසයි සැලකෙන්නේ.

Latest News

error: Content is protected !!