‘Welcome to Waikiki 2’ නාට්‍යයේ රංගනයෙන් ප්‍රසිද්ධ වූ දකුණු කොරියානු නළු Jung Eun-woo මිය ගොස් ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මිය යන විට ඔහු වයස අවුරුදු 39 පසු වුණා.
ඔහු මිය ගොස් ඇත්තේ පෙබරවාරි 11වැනිදාය. මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නැහැ. ඔහුගේ අභාවය හදිසියේ සිදු වූ බවයි වාර්තා වන්නේ. මියයාමට පෙර දිනක ඔහු සමාජ මාධ්‍යයට පළ කළ අවසන් සටහනත් දැඩි අවධානයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
Jung Eun-woo, “Welcome to Waikiki 2”, “Bride of the Sun”, “Five Fingers”, “My Only One” වැනි ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍යවල රංගනයෙන් ප්‍රසිද්ධියට පත් වූ නළුවෙකි.
ඔහු 2006 වසරේ සිට රංගන ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කළ අතර වසර 20කට ආසන්න කාලයක් තුළ විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගැනීමට සමත් වුණා.
ඔහුගේ අවසන් කටයුතු පෙබරවාරි 13 දින දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිතය.
