රුසියාව WhatsApp සිය නිල අන්තර්ජාල නාමාවලියෙන් ඉවත් කරයි

රජය අනුග්‍රහය දක්වන “MAX” නමින් හැඳින්වෙන දේශීය මැසෙන්ජර් යෙදුමට පරිශීලකයයින් මාරු කිරීමට ගත් පියවරක් ලෙස Meta සමාගමට අයත් WhatsApp සේවාව රට තුළ සම්පූර්ණයෙන් අවහිර කිරීමට රුසියානු බලධාරීන් උත්සාහ කරමින් සිටින බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කරමින් WhatsApp සමාගම පවසා ඇත්තේ මෙම ක්‍රියාවලිය රුසියාවේ WhatsApp භාවිතා කරන මිලියන 100කට අධික පිරිසක් පුද්ගලික සහ ආරක්ෂිත සන්නිවේදනයෙන් වෙන් කිරීමක් වන බවයි.

එය පෞද්ගලිකත්වයට හා ආරක්ෂාවට අහිතකර බව සමාගම පෙන්වා දී තිබෙනවා.

රුසියාව වසර කිහිපයක සිට විදේශීය තාක්ෂණික සමාගම්වලට එරෙහිව නීතිමය පීඩනය වැඩි කරමින් සිටින අතර රට තුළ අන්තර්ජාල පාලනය ශක්තිමත් කර දේශීය ඩිජිටල් සේවා භාවිතය වැඩි කිරීමට උත්සාහ කරන බව ද සඳහන් වෙනවා.

කෙසේ වෙතත් රුසියානු රජය පවසන්නේ WhatsApp සමාගම රුසියානු නීති අනුගමනය කළහොත් නැවත ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවයි.

Latest News

error: Content is protected !!