මොන හිතකින් ද මේ මල්වලට වෙඩි තිබ්බේ?

කැනඩාව කම්පාකළ පාසල් වෙඩි තැබීම සිදුකළ සංක්‍රාන්තික ලිංගික තරුණියත් මරු දකී..

කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ ටම්බ්ලර් රිජ් ප්‍රදේශයේ පිහිටි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුවුණේ මේ සතියේ අඟහරුවාදා (10) ය.

මේ සිදුවීමෙන් මුළු රටම කම්පා වී සිටින බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් සිසුන් සහ ගුරුවරියක් ඇතුළු 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසා තියෙනවා.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, සැකකාරිය ලෙස හඳුනාගෙන ඇත්තේ 18 හැවිරිදි ජෙසී වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar) නමැති සංක්‍රාන්ති ලිංගික තරුණියකි. “ආසන්න වශයෙන් වසර හයකට පෙර කාන්තාවක් බවට සංක්‍රමණය වීමට පටන් ගත් ජීව විද්‍යාත්මක පිරිමියෙකු” බව බලධාරීන් විසින් අනාවරණය කර තියෙනවා.

ඇය එම පාසලේ හිටපු ශිෂ්‍යාවක් බවද සඳහන්ය. වාර්තා අනුව පාසල් පුස්තකාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකාරිය පාසල තුළදී ඇය විසින්ම සිදු කරගන්නා ලද තුවාලයකින් පසු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිස් වාර්තා පවසනවා.

මෙම ප්‍රහාරයට පෙර සැකකාරිය නිවසේදී ඇගේ මව සහ සහෝදරයා ද ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පාසල තුළදී කළ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 12 සිට 13 දක්වා වූ සිසුන් කිහිපදෙනෙකු සහ ගුරුවරියක් මියගොස් ඇති අතර තවත් 25කට අධික පිරිසක් තුවාල ලැබූ බවයි වාර්තා පවසන්නේ.

සිද්ධියෙන් මියගිය සිසුවියක් ලෙස කයිලි ස්මිත් (Kylie Smith) නම් 12 හැවිරිදි දැරිය පිළිබඳව ද මේ වන විට ජ්‍යාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක් වී තියෙනවා. ඇයගේ පියා සහ මව සඳහන් කර ඇති ආකාරයට කයිලි ඉතාම අහිංසක ආත්මයක් ඇති දියණියකි.

මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයේ පාසල් තාවකාලිකව වසා දමා ඇති අතර සිසුන් සහ දෙමාපියන් සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව වාර්තා වෙනවා.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සහ ප්‍රදේශවාසීන්ට වෙත සිය සහයෝගය ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය. සිද්ධියට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර පොලිසිය විසින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තියෙනවා.

මෙය කැනඩාවේ මෑත කාලයේ සිදුවූ බරපතල පාසල් වෙඩි තැබීම් අතරින් එකක් ලෙසයි සැලකෙන්නේ.

Latest News

error: Content is protected !!