ලොව පුරා බොදු පිබිදීමේ නියමුවාණන් වූ පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන්වහන්සේ ලංකාවට

අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් අමෙරිකාවට වැඩම කිරීමට ද නියමිතය..

සමස්ත ලෝකය තුළම බෞද්ධ දර්ශනය පිළිබඳ මේ වන විට ආරම්භ වී ඇති පිබිදිමේ නියමුවාණන් ලෙස සැලකෙන පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරන බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

උන්වහන්සේ වීඩියෝ පටයක් මඟින් ප්‍රකාශ කර ඇති ආකාරයට අප්‍රේල් මාසයේ අගවන විට උන්වහන්සේ ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක් අමෙරිකාවට වැඩම කිරීම එම සංචාරයෙහි අරමුණ බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම සර්වඥ ධාතූන් වහන්සේලා ද ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට වැඩම කරන බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ. පූජ්‍ය ප්‍රඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ මේ වන විට මුළු මහත් ලෝකය තුළ ජනප්‍රියම ථෙරවාදී භික්ෂුව ලෙසයි සැලකෙන්නේ.

Latest News

error: Content is protected !!