ට්‍රම්ප් වයසට යාම රිවර්ස් කරයි

ලෝකයේ සියලු රටවල් සිය අතේ පවතින රූකඩ නූලක් මඟින් පාලනය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු වයස්ගත මහල්ලෙකි. මේ වසරට අවුරුදු 79ක් සම්පූර්ණ කරන ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වූ වයස්ගතම පුද්ගලයාය.

ඔහුගේ වයස, ශාරීරික හැකියාව හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර බොහෝ අමෙරිකානුවන් ට්‍රම්ප්ගේ වයස ජනාධිපති තනතුරට නොගැළපෙන බව ප්‍රකාශ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පුත් ජූනියර් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් නැවත කතාබහට ලක් වී තිබෙන්නේ එම මෙම වාතාවරණය තුළයි.

වාර්තා අනුව, ට්‍රම්ප්ගේ වයස හා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇති විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජූනියර් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තම පියා “වයසට යනවාට වඩා ආපසු තරුණ වෙමින් සිටිනවා වගේ” පෙනෙන බවයි. ඔහු පියාගේ ශක්තිය සහ ක්‍රියාශීලීත්වය අවධාරණය කරමින් විවේචන අසාධාරණ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ වයස ඇමරිකානු දේශපාලනය තුළ දිගින් දිගටම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වුවද ඔහුගේ අනුගාමිකයන් ද ජූනියර් ට්‍රම්ප්ගේ මතය අනුමත කරමින් පෙන්වා දී ඇත්තේ ට්‍රම්ප් වයසට ගියද තවම ක්‍රියාකාරී ශේශපාලනයට සුදුසු බව ඔහු විසින් ඔප්පු කර ඇති බවයි.

එහෙත් විවේචකයන් පවසන්නේ වයස හා ශාරීරික තත්ත්වය පිළිබඳ ප්‍රශ්න ඇමරිකානු ජනතාව දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටින බවත් එය දේශපාලන සාකච්ඡාවලට බලපාන කරුණක් වී ඇති බවත්ය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ පසුගිය කාලයේදී තමන් සිදු කළ මානසික බුද්ධි පරීක්ෂාව සම්පූර්ණයෙන් සාර්ථකව සමත්වීමට තමාට හැකියාව ලැබුණු බවයි. එමෙන්ම MRI පරීක්ෂාවකට සමාන වෛද්‍ය පරීක්ෂණයකද ප්‍රතිඵල හොඳ බවත් ඔහු පවසා තිබෙනවා. ඔහුගේ අත්වල පෙනෙන පැල්ලම් පිළිබඳ වාර්තා වූ අවස්ථාවලදී, එය ඉහළ මාත්‍රාවේ ඇස්ප්‍රින් භාවිතය හේතුවෙන් ඇති වූ බවයි පෙන්වා දී තිබෙන්නේ.

Latest News

error: Content is protected !!