ඒ මොහොතේම නැවත පැමිණෙන ලෙස අනන්‍යාගෙන් උපදෙස් ලැබුණත් පැමිණීමට හැකියාව ලැබුණේ නැහැ…
සංජේ කපූර්ගේ දුව ශනායා කපූර් නැගී එන බොලිවුඩ් නිළියන් අතර කැපී පෙනෙන තරුවකි. ඇගේ පෞද්ගලික ජීවිතයේ වේදනකාරී මතක ආවර්ජනයක් සිදු කිරීම නිසා ඇය මේ දිනවල වැඩිපුර කතාබහට ලක්ව සිටිනවා.
මෑතකදී පෝඩ්කාස්ට් එකක් අතරතුර මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කරමින් ශනායා සඳහන් කළේ සිය හිටපු පෙම්වතා සමඟ විදෙස් සංචාරයක් අතරතුර ඔහු තවත් කාන්තාවන් 5 දෙනෙකු සමඟ මැසේජ් මඟින් එකවර සම්බන්ධතා පැවැත්වූ බව තමා හට අනාවරණය වූ බවයි.
එම නිවාඩුවේදී රෑ භෝජනයක් සඳහා පිටත්වීමට පෙර ඔහුගේ දුරකථනය භාවිත කර කැබ් රථයක් වෙන්කරන අතරතුර වෙනත් කාන්තාවක් සමඟ පණිවිඩයක් හුවමාරු කරගත් ආකාරය දැක තමා දැඩි කම්පනයට පත් වූ බව ඇය එහිදී සඳහන් කළා.
ඉන්පසු ඇති වූ කතාබහ අතරතුර ඒ ආකාරයෙන් තවත් කාන්තාවන් සිව් දෙනෙකු වෙත පණිවිඩ යවා ඇති බව සොයා ගැනීමට හැකි වු බවයි ඇය පවසන්නේ.
මෙම සිදුවීමෙන් කම්පාවට පත්වූ ඇය එම පණිවිඩවල තිරපිටපත් මිතුරියන්ට යවා උපදෙස් ඉල්ලූ බව ශනායා පවසා තිබෙනවා. ඇගේ සමීපතම මිතුරියක් වන අනන්‍යා පාණ්ඩේ ඇයට ඒ මොහොතේ වහාම නැවත පැමිණ ඇය හමුවන ලෙස උපදෙස් දුන් බව ද ඇය පවසා තිබෙනවා. එහෙත් ඒ වන විටත් ඇය පෙම්වතා සමඟ විදෙස් රටක සිටි නිසා ඇයට ඒ මොහොතේම පැමිණීම දුෂ්කර වූ බව ඇය පෝඩ්කාස්ට් එක අතරතුර සඳහන් කර තිබුණා.
පසුව එම සම්බන්ධතාවය අවසන් වූ බවද, එය තම ජීවිතයේ භයානකම සම්බන්ධතාවලින් එකක් යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ව්‍යාපාරිකයකු වන කරන් කෝතාරි සමඟ ඇගේ ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳ වාර්තා වූ අතර ආර්යන් ඛාන් සමඟ ද ඇය ප්‍රේම සබඳතාවක් පවත්වන බවට කටකතා පැවතුණා. නමුත් ඒ කිසිදු සබඳතාවක් නිල වශයෙන් ඇය විසින් තහවුරු කර නැති අතරම මෙම සිදුවීමට අදාළ ඇගේ පෙම්වතා කවුද යන්න අනාවරණය කර නැහැ.
ෂනායා සහ ආර්යන් කුඩා කල සිට මිතුරන් වන අතර ඔවුන් බොලිවුඩ් තරු පවුල්වල හිතවතුන් බවයි සඳහන් වන්නේ.
