ජනප්‍රිය නිළියගෙන් අද වෙනතුරුත් ඇමතුමක්වත් නැහැ
බත්තරමුල්ලේ වෝටරෙ ඒජ් රථ ගාලේ දී ජනප්‍රිය නිළියක සිදු කළ රිය අනතුරකින් තරුණියන් දෙදෙනෙකු බරපතල තුවාල සිදු වූ බව මීට මාස කිහිපයකට ඉහත දී වාර්තා වූ සිදුවීමකි.
පසුගිය දිනවල විදෙස් රැකියා ක්ෂේත්‍රය සම්බන්ධ ටෙලි නාට්‍යයක් හේතුවෙන් ඇය වඩා කතාබහටලක් වූ අතර ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තවත් නාට්‍ය කිහිපයකම ඇයගේ රංගනය දැක ගත හැකියි.
ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකට අමතරව ගුරුවරියක් බව ද සඳහන්ය.
ඇය සිදු කළ රිය අනතුරෙන් සදාකාලික ආබාධිත තත්වයට පත් වූ තරුණියන් දෙදෙනා අතර එක් අයෙකු වන්නේ සිරස සුපර් සීසන් 1වැඩසටහනෙහි අවසාන 16 දෙනා අතරට පැමිණි නදී ද සිල්වා. ඇය අනතුරවන විට එම හෝටලයේ සහකාර මානව සම්පත් කළමනාකාරවරියක් ලෙස කටයුතු කරමින් සිටියාය.
ආයතන පරිශ්‍රය තුළ උදෑසන තේ බී නැවත කාර්යාලය වෙත යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබුණා.
අනතුරෙන් නදීගේ පාද දෙකම ආබාධිත තත්ත්වයට පත්ව තිබෙන අතර ඇය මේ වන විට සිටින්නේ රෝද පුටුවේය.
අනතුරෙන් පසු පළමුවරට යූ ටුයුබ් වෙත සාකච්ඡාවක් ලබා දෙමින් ඇය සඳහන් කර ඇත්තේ ඇයට නැවත කිසිදා සාමන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි බවයි.
එමෙන්ම මෙම අනතුරට මුහුණ දුන් අනෙක් තරුණිය මේ වන විට 26 හැවිරිදි වියේ පසුවන අතර ඇය කාන්තාවක ලෙස ඇයට ජීවිතය පුරා ප්‍රශ්නයක් වන ආබාධිත තත්ත්වයකට ඇය ගොදුරු වූ බව ඇය පවසා තිබෙනවා. ඇය පවසන ආකාරයට ඇගේ යෙහෙළිය තවමත් අවිවාහකය.
ඔවුන්ට මේ තරම් අනතුරක් සිදු කළ ජනප්‍රිය නිළිය සිදුවීමෙන් පසු මාස දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතවී සිටි තමන් බැලීමට හෝ නොපැමිණි අතර මේවනතෙක් ඇමතුමක් හෝ ලබා දී නොමැති බව ඇය අනාවරණය කර තිබෙනවා.
“සැත්කම් කිහිපයක් අසාර්ථක වීමෙන් පසු වෛද්‍යවරු ඇවිත් මට කිව්වා ඔයාට ආයේ දුවන්න වෙන්නේ නැහැ කියලා. මම අවුරුදු 13ක් ඇත්ලටික් කරපු, බොහොම වේගෙන් දුවපු බොහොම වේගෙන් ඇවිදපු කෙනෙක්. ඒක කිව්වම මට ඇත්තටම සෑහෙන්න දුක හිතුණා. මම ලස්සනට හීල්ස් දාලා ලස්සනට ඇඳපු පළඳිපු කෙනෙක්. මට කවදාවත් ආපහු හීල්ස් දාන්න බැහැ. මට කවදාවත් දුවන්න බැහැ. මම පෙර පරිදි ගතකරපු කඩිසර ජීවිතය ගත කරන්න ලැබෙයිද කියලා වෛද්‍යවරු මට තවමත් කියන්නේ නැහැ.”
එමෙන්ම ඇය මෙහිදී පවසන්නේ මෙම අනතුර තමන්ට සිදු කළ ජනප්‍රිය නිළියට ඇය කිසිදිනක වෛර නොකරන බවයි. ඇය මෙම සිදුවීමෙන් පසු තමන් සහ යෙහෙළිය පිළිබඳ සොයා නොබැලීම සම්බන්ධයෙන් කළකිරීමක් පමණක් පවතින බවත් එබැවින් ඇගේ නම හෙළි නොකරන ලෙසත් ඇය මෙහිදී පවසා ඇත්තේ ඇගේ උතුරා යන මනුස්සකම පිරි හදවත පිළිබඳ සියල්ලන් වෙත පසක් කරමිනි.
එහෙත් මෙවැනි දරුණු අනතුරක් කර නිහඬව සිටින ජන්ප්‍රිය නිළියගේ හෘද සාක්ෂිය කුමක් විය හැකිද?
