BTS යනු එක්ව සිටින විට ඇතිවන ශක්තියයි… Arirang ඇල්බමය සමඟ යළි ඉපදුණු BTS

ප්‍රේක්ෂක ආකර්ශනයෙන් ලොව දැවැන්තම සංගීත කණ්ඩායම ලෙස සැලකෙන BTSලා, දකුණු කොරියාවේ නීරෝගී පිරිමියකු අනිවාර්යයෙන් සහභාගි විය යුතු හමුදා සේවය අවසන් කිරීමෙන් පසු සාමාජිකයන් හත් දෙනාම එකට එක්ව කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ ගමන නැවත ආරම්භ කළේ ලොස් ඇන්ජලීස් නගරයෙනි.

2010 දශකයේ මුල් භාගයේ සිට කණ්ඩායමේ යාවජීව සාමාජිකයන් වුණේ RM, Jin, Suga, J-Hope, Jimin, V, සහ Jung Kook යන හත් කට්ටුවයි.

එහෙත් 2023 සිට එකට කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් දුරස් වීමට ඔවුන්ට සිදුවුණා. සමාජිකයන් විටින් විට හමුදා සේවයට එක් වීම හා ඔවුන් තනි තනිව සිය නිර්මාණ කටයුතුවල නිරත වීම නිසා එසේ තාවකාලික සමුගැනීමකට ඉඩ දීමට ඔවුන්ට සිදුව තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් නැවත කණ්ඩායමක් ලෙස එකට කටයුතු කිරීම ආරම්භ කර ඇති බව GQ සඟරාව සමඟ ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා.

නව ඇල්බමයක් සහ ලෝක සංචාරයක් සමඟ ඔවුන් “අලුත් ආරම්භයක්” ගැනීමට සූදානම් බවයි එහිදී සඳහන් කර තිබෙන්නේ.

වසර හයකට ආසන්න කාලයකින් පසුව එළිදැක්වෙන BTS පළමු ස්ටුඩියෝ ඇල්බමය වන නව ඇල්බමය ඔවුන් විසින් “Arirang” ලෙස නම් කර ඇති බව ද ඔවුන් මෙහිදී අනාවරණය කර තිබෙනවා.

එය කොරියානු සංස්කෘතිය, සම්බන්ධතාවය සහ නැවත එක්වීම යන අදහස් නිරූපණය කරන නාමයක් බවයි සඳහන් වන්නේ.

කණ්ඩායමේ නායක RM පවසන්නේ ආපසු පැමිණීම පිළිබඳ ඇති බලාපොරොත්තු සහ පීඩනය ඉතා වැඩි වුවද BTS යනු එක්ව සිටින විට ඇති ශක්තියක් බවයි.

තනිව (Solo) වර්ධනය වීමෙන් පසු කණ්ඩායම ලෙස නැවත එක්වීමේ අවස්ථාවේ වඩාත් අර්ථවත් බව ද ඔවුන් පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!